IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සුවය ලැබූවන් ගණන 58,000 පනී

 

(දිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 916ක් සුවය ලබා අද(01) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 58,075 දක්වා ඉහළ ගියේය.

අද දිනයේදී වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ රඹුක්කන ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 98කි.ගිරිඋල්ල සහ පැණිදෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 73දෙනෙකු බැගින් සුවය ලබා පිටව ගොස් ඇත.

සුවය ලබා පිටව ගිය පිරිස අතර කිසිදු විදේශිකයෙක් නොවෙයි.

ජනවාරි 27 වැනිදා (1520) සහ 28 වැනිදා (1896) හැරුණුවිට 2021 වසරේදී වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ අද(01) දිනයේදී බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

එසේවුවත්, ආසාදිතයෝ 5766දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත ගණන 64,157ක් වන අතර, 316දෙනෙකු මිය ගොසිනි. එයින් 197දෙනෙකු පුරුෂයන් වන අතර, අය කාන්තාවෝ වෙති.

මිය ගිය පිරිසෙන් 40%ක් අවුරුදු 61-75ත් අතර අය වෙති.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් මරණ ගණන 14කි.  ඉන්දියාවේ එම අගය 111ක් වන අතර දකුණු ආසියානු කලාපයේ 96ක් වේ.

 



අදහස් (0)

සුවය ලැබූවන් ගණන 58,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site