
(අංජුල මහික වීරරත්න)
සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව කීය .
මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමත්, ජාතික ආර්ථිකයට වන ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු, අභියෝග මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඒ අනුව කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන ලබා දීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙවනගල පැල්වත්ත උක් ගොවීන්ගේ සල්ලි ඉක්මනින් ගෙවන්න