IMG-LOGO

සෙල්ෆියෙන් ආ දිය රකුසා තාත්තයි දුවයි බලිගනී

(ඉන්දිකා  රාමනායක, ක.ග. කරුණාරත්න සහ නිමල් ජයරත්න)

පොලොන්නරුව පුලතිසිපුර කුඹුකන්ආරු ඔය නැරඹීමට ගිය පියෙකු සහ දියණියක්  අද (7) පෙරවරුවේ   සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී  ලිස්සා ගොස්  ඔයට ඇදවැටී     දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ  පුලතිසිපුර  ඕනෑගම ප්ර දේශයේ විදුහලක ගුරුවරයෙකු වශයෙන් සේවය කරන ආදම් ලෙබ්බේ සාජහන් (46) සහ ඔහුගේ දියණිය වන 12 හැවිරිදි ආදම්ලෙබ්බේ ශාෆියා  නැමැති දෙදෙනා බව පොලීසිය සඳහන් කරයි.

කාතන්කුඩි  ප්‍රෙද්ශයේ පදිංචිව  සිටින දරුතිදෙනා ල පාසැල්  නිවාඩුව හේතුවෙන්  පුලතිසිපුර ප්‍රෙද්ශයට පැමිණ පියා පෙරවරු 10ග00 ට  ඔවුන් යතුරුපැදියේ නංවාගෙන තඹාල ගල්වල හන්දිය ප්‍රෙද්ශයේ පිහිටි කුඹුක්කන්ආරුවඔය නැරඹීම සඳහා සඳහා පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ඔය නැරඹීමෙන් අනතුරුව එහි පාලම ආසන්නයේ සිට  දියණ’ය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදීත්  ඇයගේ පය ලිස්සා ගොස් ඇය ඔයට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

දියණිය ඔයට වැටීමත් සමගම පියා දරුවා බේරාගැනීම සඳහා තැත් කිරීමේදී ප්‍රෙද්ශයේ වැලි කැණීම් හේතුවෙන් ඔහුද ලිස්සා වැලි අතරට  වැටි එරි ගිලී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

පොලීසියල ප්‍රදේශවාසීන්  හා කිමිදුම් කරුවන් යොදවා පැය 4 ට ආසන්න කාලයක් පුරා  සිදුකළ මෙහෙයුමකින්   අතුරුදන්ව  පියා සහ දියණියගේ මළ සිරුර සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් 3ක පමණ දුරින් සොයාගෙන ඇත.

මියගිය පියාගේ සහ දියණියගේ මළ සිරුරු පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇති අතර හෙට (8)   පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.



අදහස් (0)

සෙල්ෆියෙන් ආ දිය රකුසා තාත්තයි දුවයි බලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 30 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site