IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුලෝහිත පිටියට පැන කඳුළු ගෑස් කති

ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙද්දී නරඹන්නන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදීමෙන් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුළු ගැස් ගැසීය.

ක්‍රීඩකයන් ආරක්ෂිත ලෙස පිටියෙන් ඉවත් ක‍ළහ.

ගැටුමෙන් 20 දෙනෙක් තුවාල ලැබූහ. සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.



අදහස් (0)

සුලෝහිත පිටියට පැන කඳුළු ගෑස් කති

ප්‍රභාත් Monday, 04 March 2013 08:44 AM

සුලෝහිත සංග්‍රාමය යුද්දයක් වෙලා (දී)

:       0       0

සම්පත් Monday, 04 March 2013 08:54 AM

හැමතැනම අද මෙහෙම අය ඉන්නවා. (නි)

:       0       0

චතුරංග Monday, 04 March 2013 09:18 AM

මේවා එකමොහොතින් නවත්වන්න පුළුවන්.. පිටියට අරක්කු ගෙනියන එක නවත්වන්න. රටට කීර්තිමත් මිනිසුන් බිහි කරන පාසල් වලට මොකටද අරක්කු ?

:       0       0

ලහිරු Monday, 04 March 2013 09:35 AM

පාසල් ගෞරවය නැති කරන්න එපා. කොතන ගියත් හොඳ හැදියාවක් පෙන්වන සිසුන් තමයි මෙම විදුහල් දෙකේ ඉන්නේ.. ඒක කිලිටි කරන අය‍ට දඬුවම් කළ යුතුයි.. (ස)

:       0       0

ලලිත්-දෝහා Sunday, 03 March 2013 06:46 PM

මේ සැරේ කදුලු ගෑස් එකතු වෙලා. ඉස්සරහට ටී-56 එකතු නූනොත් තමයි පුදුමේ. සුද්දන්ගේ ක්‍රීඩාව නොහික්මුනු මිනිස් පුත්‍රයින් අතට පත් වුනාම ඔහොම තමයි.(නදී)

:       0       0

මෝරලා Sunday, 03 March 2013 07:13 PM

මොකක්ද මේ බෞද්ධ ළමයින්ට වුනේ.(නදී)

:       0       0

බන්ඩා Sunday, 03 March 2013 07:14 PM

මේ වගේ උසස් පාසැල් වල ඉගෙනගන්නේ මේ වගේ අයද?(නදී)

:       0       0

ශාන් Monday, 04 March 2013 10:13 AM

සිංහල පාසල් වලට මොනවද උනේ ? කෝ අපේ බොදු බල සේනාව. ඉස්සර මේවා හදලා ඉන්න අනිත් ඒවට අත දාන්න. (ස)

:       0       0

නිමල් Sunday, 03 March 2013 07:39 PM

කා කොටා ගන්නේ නැතිව ප්‍රශ්ණ විසද ගන්න දන්නෙම නැහැ වගෙයි. විභාග ප්‍රතිථල මිසක් මිනිස්කම අගය නොකරණ අධ්‍යාපන පද්ධතියක ප්‍රතිඵලයයි මේ.(නදී)

:       0       0

සුනිල් Sunday, 03 March 2013 07:48 PM

මේ පාසැල්වල ඉන්නේ කොහොමත් දැන් මේ මගේ අයනේ.(නදී)

:       0       0

සම්පත් Monday, 04 March 2013 10:32 AM

බොදු බල සේනාවට ගොඩක් දේවල් කරන්න පුළුවන් බව තමයි අදහස්වලින් තේරෙන්නේ... (ස)

:       0       0

පිටිගල Sunday, 03 March 2013 08:28 PM

ඉතින් සුලෝහිතව පොලිසයෙන් එලෙව්වේ නැද්ද?(නදී)

:       0       0

නලින් Monday, 04 March 2013 10:45 AM

මොකද මේ වෙන්නේ... ? (ස)

:       0       0

අසංක Monday, 04 March 2013 10:46 AM

කොතන ගියත් හොඳ හැදියාවක් පෙන්වන සිසුන් තමයි මෙම විදුහල් දෙකේ ඉන්නේ.. (ස)

:       0       0

කමල් Sunday, 03 March 2013 09:03 PM

මේවා මෙනෙවද? අපේ ඇමති පුතාලාගේ වැඩවල හැටියට.(නදී)

:       0       0

අජන්ත Sunday, 03 March 2013 09:07 PM

බොරු කතා කියන්න එපා. මෙතන ආනන්දේ අයයි නාලන්දෙ අයයි ගහගත්තේ නැහැ. සහෝදරකම එදා වගේම අදත් තියෙනවා.(නදී)

:       0       0

අජිත් Monday, 04 March 2013 11:01 AM

කවම දාකවත් වෙලා නැහැ මෙහෙම වැඩක් (දී)

:       0       0

උපුල් Monday, 04 March 2013 11:01 AM

මේකට එකග නොවෙන අය ඉන්නවා නම් ඒ අයගේ ආච්චිලා , සීයලා ඇතිනේ. ඒ අයගෙන් අහලා බලන්න අතීතයේදී පාසල් වල තිබුණු විනයේ තරම. (නි)

:       0       0

අමිල Sunday, 03 March 2013 09:20 PM

කදුලු නිසයි කදුලු.(නදී)

:       0       0

දනුක Sunday, 03 March 2013 09:30 PM

ඉස්කෝලවලට වැරදියි කියන්න එපා. බිග් මැච් එකට පිටිටනියට පැන්නට කදුලු ගෑස් ගහන්න ඕනේ නැහැ. මම ආනන්ද හෝ නාලන්ද නොවෙමි. නමුත් මම මේ ඉස්කෝල දෙකටම විශේෂ ගෞරවයක් තියෙනවා.(නදී)

:       0       0

අමිල Sunday, 03 March 2013 09:32 PM

ආනන්ද, නාලන්ද අන්ද මන්ද.(නදී)

:       0       0

සිසිර Monday, 04 March 2013 04:22 PM

විනයක් නැති කම තමයි (දී)

:       0       0

නවුෂාඩ් Sunday, 03 March 2013 09:40 PM

ජනාධිපති තර්ස්ටන් එකේ නිසා නිකන් මඩ ගාන්න එපා.(නදී)

:       0       0

සදුන් - නිව්යොර්ක් Monday, 04 March 2013 11:15 AM

ෂාන්, බොදු බල සේනාව අනන්ද නාලන්ද වලට සම්බන්දයක් නැහැ. ඒවා වෙනත් අයගේ අතකොලු.. (ස)

:       0       0

යූනු Sunday, 03 March 2013 09:48 PM

බොදු බල සේනාවට බැරිද මේකට මුකුත් කරන්න?(නදී)

:       0       0

තිලකගේ Sunday, 03 March 2013 10:02 PM

හරිම කනගාටු තත්වයක්. ලංකාවේ ප්‍රධානම පාසැල් දෙකටම අන්තිමට ඉතුරු වුනේ කලු පැල්ලමක්. දැන් කාටවත් ඇගිලි දික්කරලා වැඩක් නැහැ.(නදී)

:       0       0

රංජන් Sunday, 03 March 2013 10:24 PM

කෝ අපේ බොදු බල සේනාව? (නි)

:       0       0

සදුන් - නිව්යොර්ක් Monday, 04 March 2013 11:20 AM

ජිනීවා, බොදු බල සේනා කිය කියා මෝඩ අදහස් දාලා තියෙන අයියලා ජීවිතේට බිග් මැච් එකකට ගිහින් නැති අය බව ලියලා තියෙන දේ වලින් පේනවා. මොනවා කරන්නද ඔය වගේ අයත් මේ සමාජයේ ඉන්න එපායැ. සුබ අනාගතයක්! (නි)

:       0       0

අනුර Sunday, 03 March 2013 10:53 PM

මේක පාසල් වල ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒ නිසා අනවශ්‍ය විවේචන වලින් ඵලක් නැහැ. (නි)

:       0       0

උපුල් Monday, 04 March 2013 11:41 AM

දැක්කද දැන් පාසල් ළමයිගේ විනයේ තරම . (දී)

:       0       0

ලොකුගේ Sunday, 03 March 2013 11:34 PM

නායකයන්ගේ දරුවෝ දෙන ආදර්ශ අපේ ළමයි අරන් , කරුණාකරලා ළමයින්ට බනින්න එපා, (නදී)

:       0       0

ප්‍රියන්ත-මධ්‍යම ඇමරිකාව Monday, 04 March 2013 12:19 AM

අපේ පාසැලට බනින්න එපා. මේවා සාමාන්‍ය දේවල්. මේ තරුණ ළමයි. ඕවා ඔහොම තමයි.(නදී)

:       0       0

ප්‍රගීත් Monday, 04 March 2013 12:05 PM

කවදාවත් ආනන්දයින් නාලන්දියන් ලා මෙවැනි දේ කරලා නැහැ (දී)

:       0       0

දීපා Monday, 04 March 2013 12:08 PM

සංග්‍රාමය යුධ පිටියක් වෙලා (දී)

:       0       0

දිසානායක Monday, 04 March 2013 12:45 AM

සමහර අයට මේ පාසැල්වලට බනින කොට රිදෙනවා. දක්ෂ ක්‍රීඩනයෝ වුනාට හැසිරීම බින්දුවයි.(නදී)

:       0       0

අමරේ Monday, 04 March 2013 12:22 PM

ක්‍රීඩාවට අවනම්බු කරන්න එපා (දී)

:       0       0

රවිදු Monday, 04 March 2013 05:44 PM

සිදු වුණේ මොකක්ද කියල හරියටම දන්නෙ නැහැ. එහෙත් ආනන්ද නාලන්ද ගැ‍ටුමක් නම් වෙන්න තියන ඉඩ කඩ අඩුයි. වුණත් අනිවා ඒක එදායින් ඉවරයි. (නි)

:       0       0

නිලංග Monday, 04 March 2013 01:41 AM

මම ආනන්දීයෙක්. අපි, ආනන්දීයන් සහ නාලන්දීයන්, කවදාවත් ගහගත්තෙ නෑ. හොඳටම පැහැදිලියි මේ වෙනත් කණ්ඩායමක්. අජන්තගේ හා දනුකගේ සටහන් වලට මගේ ප්‍රනාමය.(නදී)

:       0       0

රිලවාන් Monday, 04 March 2013 02:43 AM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

දිසා Monday, 04 March 2013 03:17 AM

මම කමල්ගේ කීමට කැමතියි. (නි)

:       0       0

සමන් Monday, 04 March 2013 03:22 AM

ක්‍රීඩාව විතරක් නෙවෙයි මුළු රටම දැන් යන්නේ එක පැත්තකට. (නි)

:       0       0

පුබුදු Monday, 04 March 2013 03:57 AM

දාලා තියෙන ප්‍රතිචාර වලින් සමහර අයගේ කුහක කම් ඉරිසියාව පෙනෙනවා.(නදී)

:       0       0

හර්ෂ Monday, 04 March 2013 04:31 AM

මෙතැන බැනල තියෙන්නේ බිග් මැච් එකක්වත් නැති ගොඩේ පාසැලක කටිටිය. පොලිසිය සහ මාධ්‍ය එය උළුප්පා පෙන්නනවා. ඒකයි ඇත්ත. පැහැදිලි ඊරිසියාව. ලමයි රණ්ඩු වෙනවා. ඒක කඳුළු ගෑස් ගහන්න තරම් දෙයක් නෙමෙයි. ඇත්ත කතාව නම් ආනන්දෙයි, නාලන්දෙයි දෙකම එකතුවෙලා පොලිසියට එරෙහිවයි සටන ගිනිච්චේ. දවස අවසානයේ එයාලා සහෝදරයෝ වගේ වුනා.(නදී)

:       0       0

කසුන් Monday, 04 March 2013 04:33 AM

කොල්ලෝ ටික ගහගත්තට, පොලිසිය කඳුළු ගෑස් ගහද්දි දෙගොල්ලොම කළේ රංඩුව පැත්තකින් තියලා ගෑස් බෝම්බ ටික ඇහිඳලා ආපහු ගහපු එක. ප්‍රතිචාර දාන අයටයි කිව්වේ.(නදී)

:       0       0

සනත්123 Monday, 04 March 2013 07:05 AM

කොල්ලො වුණහම ගහ ගන්නවා කිව්වෙ ඇමති කෙනෙක්ම නේද? ඇයි මේ කොල්ලො නෙවෙයිද? කඳුළු ගෑස් නැතුව මේක පාලනය කරගන්න බැරි වීම නොහැකියාව පෙන්වීමක්. දැන් මේකත් අර මානව හිමිකම් කල්ලි වලට හොඳ ආයෝජනයක් වෙයි. (නි)

:       0       0

මලිත් Monday, 04 March 2013 01:45 PM

මමනම් කියන්නේ දෙගොල්ලන්ගේම වරද (දී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 04 March 2013 07:36 AM

මෙතනත් ඇමති පුතෙක් නැතිවෙන්න බැහැ. (නි)

:       0       0

සමන් Monday, 04 March 2013 07:59 AM

ජිනීවා වල වැඩක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

මිලින්ද Monday, 04 March 2013 02:13 PM

අපි නාලන්ද මාතාවගේ දරුවෝ (දී)

:       0       0

නලින්ද Monday, 04 March 2013 08:05 AM

කදුළු ගෑස් ගහන්න තරම් දෙයක් වුණාද? (නි)

:       0       0

රුක්ෂාන් Monday, 04 March 2013 08:07 AM

ආනන්ද නාලන්ද කියන්නේ සහෝදර කැළක්. ඇතිවුණු ‍පොඩි ගැටුම දුරදිග ගියේ පොලිසියේ මැදිහත්වීම නිසා කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

බණ්ඩා Monday, 04 March 2013 08:22 AM

තමන්ගේ පාසල් වල ඇත්ත තත්ත්වය හෙළිවනකොට සමහරුන්ට දුකයි. හිත රිදෙනවා. (නි)

:       0       0

නන්දන Monday, 04 March 2013 08:25 AM

කෝ නැද්ද අපේ සේනාව? (නි)

:       0       0

සනා Monday, 04 March 2013 08:32 AM

ඔන්න හොද හැදිච්ච ළමයි. කියන්නේ නම් ලංකාවේ හොදම ලොකුම පාසල් කියලනේ... (නි)

:       0       0

චාමි Monday, 04 March 2013 08:44 AM

කදුළු ගෑස් ගහන්න තරමට වැඩේ දුරදිග ගියාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site