(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 66 දෙනෙකු කෝටි පහළොවකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා එක්සත් රාජධානියට යෑමට ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකයේ කතිකාචාර්යවරයකුට එක්කෝටි හතළිස් දෙලක්ෂයකට වැඩි බැඳුම්කරයක් අත්සන් කර අධ්‍යයන නිවාඩු ලබා දී තිබුණද නිවාඩු ගණනය කිරීමේ දෝෂයක් හේතුවෙන් ඔහු මෙරටට නැවත කැඳවා තිබූ බවත් ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාලය රුපියල් ලක්ෂ තිස් හයකට වැඩි අමතර මුදලක් ගෙවා තිබුණද වගකිවයුතු නිලධාරියාට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව එහි දැක්වේ.
මේ අතර උද්භිද විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරියකගේ වැටුපට රුපියල් ලක්ෂ තිස් හයකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම කථිකාචාර්යවරිය 2020 අගෝස්තු 29 වැනිදා ඉල්ලා අස්වී ඇතත් ඇය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ යොදවා ඇති බවත් එසේ නැවත සේවයේ යෙදවීමේදී ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට පටහැනිව වැටුප් පියවර 91310ක මූලික වැටුප වෙනුවට රුපියල් 119520ක වැටුප් තලයක තැබීමෙන් මෙම අක්‍රමිකතාව සිදුව ඇති බව වාර්තාවේ දැක්වේ.
මේ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන, අධ්‍යයන සහාය කාර්ය මණ්ඩල සහ පරිපාලන තනතුරුවල අනුමත සේවකයන් එකසිය තිස් හයක් පුරප්පාඩුව පැවතුණ බවත් මෙම තත්වය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි ලෙස බලපෑවද විශ්ව විද්‍යාලය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සරසවි ඇදුරෝ 66ක් කෝටි 15ක් පොලු තියලා