බටහිර පන්නෙට හැදුණු ලංකාවෙ හුඟක් දේසපාලුතුමන්ල ටයි කෝට් ගලවල ජාතික ඇඳුමට බැස්සෙ තමන් පොදුජනයාගේ මිනිහෙක් බව රටට පෙන්වන්නයි.
මෙහෙම හුඟදෙනෙක් ටයිකෝට් වලින් ජාතික ඇදුමට බහිද්දි කොළඹ දිසාවෙන් කවුන්සිලේට ගියපු මහත්තයෙක් පහුගිය දවසක මෙතෙක් තමන් දිගටම ඇඳපු ජාතික ඇඳුම ගලවල කලිසමටයි කමිසයටයි බැස්සලු...
පසුගියදාක රට ගිය වෙලාවෙ ඇඳුම් කැඩුම් තියන බෑග් එක නැතිවෙලා මුන්නැහේට ජාතික ඇඳුම වෙනුවට කලිසම් කෝට් අඳින්න වුණ නිසා ඒ පුරැද්දට කලිසමට බැස්සද කියලත් සමහරැ අහන්න පටන් ගත්ත.
කොහොමහරි තමන්ට උලත් එකයි පිලත් එකයි කියන මේ කටකාර මන්තිරිතුමා පසුගියදාක මාධ්‍ය සාකච්ඡාවකට ආවෙත් කලිසම් කමිස ඇඳල... ඒත් මාධ්‍ය හමුවේදී මේ වෙනස ගැන කවුරැත් කතා කළේ නැහැ. නමුත් මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සෙ එතන හිටපු මාධ්‍ය සගයෙක් මුන්නැෙහගෙ කනට කරලා ඇහුවලු මේ ඇඳුමෙ වෙනස ගැන.
එතකොට උත්තර දුන්න උත්තරේ මේකලු... "අනේ මල්ලී මගේ ඇඳුම නම් ප්‍රවෘත්තියක් කරගන්න එපා. මම මේ ගංවතුර ආධාර බෙදන්න යන ගමන් ඉතින් සරම ඇඳන් බෝට්ටුවලට නගින්නයි බහින්නයි ගියාම සරම ගැලවෙන්න බලනවා... ඒකයි මේ ගෙදර තිබුණ පරණ කලිසමකුයි කමිසෙකුයි ඇන්දෙ..." මන්තිරිතුමා කිව්වා. මාධ්‍ය සගය හිනාවෙලා පින්තූරෙකුත් අරන් යන්න ගියා.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සරමෙන් කලිසමට
ජගත් Thursday, 02 June 2016 12:12 AM
ඇඳුම නම් මොනවා වුණත් මොකද, මෙයාලගේ ජනතා වැඩ හරියට වෙනවා නම්... (නි)