IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සරත් ෆොන්සේකා සීඅයිඩියට කැඳවයි

තරිඳු ජයවර්ධන
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හෙට (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

 
සරත් ෆොන්සේකා මහතාට හෙට (25) දහවල් 12ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනි වතාවටය. 
 
කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය.
 
මෙම විමර්ශනය පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරූ ජයසුරිය මහතා ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අලුතින් ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි  කර ගැනීම් සඳහා සරත් ෆොන්සේකා මහතාගෙන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
 
ඒ අනුව හෙට (25) සරත් ෆොන්සේකා මහතා කැඳවන බවත්, ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.


2018 මැයි මාසය දක්වා කළ පරීක්ෂණ අනුව කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් නොපෙනෙන බවත්, ඉදිරියේද විමර්ශන පවත්වන බවත් පසුගිය මැයි මාසයේ දී රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. 
 
මෙම සිද්ධියට සැකපිට යුද හමුදාවේ මරදාන ට්‍රිපෝලි කඳවුරේ පිහිටවා තිබූ යුද හමුදා බුද්ධි අනු ඛණ්ඩයේ පස් දෙනෙක් ද යුද හමුදාවේ බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ද ඇප පිට සිටිති. මාස පහක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටි අමල් කරුණාසේකර මහතා ඇප පිට මුදා හැරුණේ පසුගිය 10 වැනි දා ය.



අදහස් (5)

සරත් ෆොන්සේකා සීඅයිඩියට කැඳවයි

lalith Monday, 24 September 2018 06:23 PM

අනේ කොයි තරම් ජනතාවගේ ගරුබුහුමන් ඇතුව ජාතික වීරයෙක් වගේ ජිවිත කාලයක් වැජබිලා සෙල් ලිපිවලත් නම කොටගන්න උන්නු මනුස්සයෙකුට වෙච්ච දේ

:       0       215

ගලබොඩ ඇත්තේ චමින්ද Tuesday, 25 September 2018 03:23 AM

බලමු මාධ්‍ය මේ ගැන කියන්නේ මොනවද කියලා.

:       12       4

ඇත්ත සත්‍යපාල Tuesday, 25 September 2018 06:20 AM

එකක් මතක තියාගන්න. තව ටික දවසකින් නාලක සිල්වා සහ ෆොන්සේකා අතර තිබෙන සම්බන්ධකම් ගැනත් හොයන්න ඉඩ තිබෙනවා කියල.

:       0       144

daya Tuesday, 25 September 2018 06:45 AM

මොනවා කියන්න ද එවකට රට පාලනය කල ඇත්තෝ වග කියන්න ඕනා ....

:       7       3

kamal Tuesday, 25 September 2018 06:47 AM

ගිය රජයේ නොතිබුණු මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය .

:       64       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site