(නිමල කොඩිතුවක්කු)
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නව තනතුරු සිරිකොතේ දොර වසාගෙන පත් කර ඇතැයි එම සංගමයේ හිටපු මහ ලේකම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.
ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ හෝ සිරිකොතේ බූදලයක් නොවන බවත් ඒ සඳහා වෙනම නිලධාරි මණ්ඩලයක් සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයක් සිටින බවත් වඩිවෙල් සුරේෂ් මහතා සඳහන් කළේය.
ඇතුළුකෝට්ටේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය අද(17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ලංකා ජාතික වතු කම්කරු සංගමය වතු කම්කරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කර ඇති බවත් ඉදිරියේ දී එම කටයුතු සිදු කිරීම සඳහා සඳහා කැපවන බව ද ඔහු සඳහන් කළේය.
සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ වතු කම්කරුවන්ට රැවටූ බවත් ඔවුන්ට ඇති එකම විශ්වාසය බවට ජාතික සමගි ජන බලවේගය පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටවූ පසු වතු කම්කරුවන්ට රුපියල් 1,500 ක දෛනික දීමනාවක් ලබාදීම වෙනුවෙන් කැපවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා
Prabha Wednesday, 17 June 2020 11:51 AM
රටේ ප්‍රශ්න විසඳන්න කළින් පක්ෂයේ ප්‍රශ්න විසඳගන්න බලන්න..
sllva Wednesday, 17 June 2020 12:35 PM
මෙයා නේද දින 58 ආණ්ඩුව දවස්වල උදේට මේ පැත්තටත්, හවසට අනික් පැත්තටත් පැනපු කෙනා...? ඉස්සෙල්ලාම ගෙඹි චරිතයෙන් මිදිලා තමුන් ඉන්න තැන ඉස්සෙල්ලා හරියට හදාගන්නකෝ..