IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ්‍යාවක් දිනා ගන්නවා - සංවිධාන කමිටු සභාපති කියයි

ලබන මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන පළමු දකු-ණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේදී සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිනාගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙම කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීමේ කමිටුවේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. කොළඹදී ඊයේ (21)  පැවැති දකු-ණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලට සහභාගි වන රටවල්වල කණ්ඩායම් භාර නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡුාවට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය. ක‍්‍රීඩා 12 කින් සමන්විත මෙම තරගාවලියට රටවල් අටක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 450 ක් පමණ සහභාගි වීමට නියමිතය. තරගාවලිය සඳහා හම්බන්තොට වෙරළ තීරයේ ක‍්‍රීඩාංගණ හතරක් ඉදිරිකර ඇති අතර ඇතැම් ඉසව් තිස්සමහාරාම ප‍්‍රදේශයේදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධාකයෝ පවසති. මෙම සමස්ත තරගාවලියේදී රන් පදක්කම් සහ රිදී පදක්කම් 36 බැගින්ද සහ ලෝකඩ පදක්කම් 38 ක්ද දිනා ගැනීමේ අවස්ථාව තිබේ මෙම තරගාවලියට වෙරළ පැසිපන්දු, වෙරළ පාපන්දු, අත්පන්දු, කබඩි, දැල්පන්දු, වොලිබෝල්, කායවර්ධන, ජීවිතාරක්‍ෂක, පිහිනුම්, රුවල් ඔරු, වින්ස්කේටින් සහ තුන්ප‍්‍රයාම යන ක‍්‍රීඩා ඇතුළත් වේ. ඇතැම් ක‍්‍රීඩා සඳහා අවම සහභාගිත්වය නොමැති වීමෙන් ඊයේ පැවැත්වීමට නියමිත සාකච්ඡුාවකින් පසුව එම තරග පැවැත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබුණි. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ දැල්පන්දු සහ පැසිපන්දු තරගාවලියක් වෙරළ ක‍්‍රීඩා උළෙලකදී දැකින ලෝකයේ පළමු අවස්ථාව මෙයවිය හැකි බවයි. ‘‘මමත් වෙරළ ක‍්‍රීඩා උළෙලවලට සහභාගි වී තිබෙනවා, නමුත් පැසිපන්දු සහ දැල්පන්දු එම ක‍්‍රීඩා උළෙලවලදී දකින්න ලැබුණේ නෑ. ඒ නිසා මෙය සියලූම දෙනාට නව අත්දැකීමක් වෙනවාට සැක නෑ’’ මෙම ක‍්‍රීඩා උළෙලට කොපමණ මුදලක් වැයවන්නේ ද යන්න මාධයවේදියකු නැගූ ප‍්‍රශ්නයට ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය. මෙම ක‍්‍රීඩා උළෙල සඳහා මිලියන 300 ක් ඇස්තමේන්තු කර තිබූ බවත් මේ වන විට මිලියන 100 ක් පමණ වැයවී ඇති අතර තවත් මිලියන 60 ක් පමණ වියදම් වියහැකි බවට තමන් විශ්වාස කරන බවත් එය පෞද්ගලික අංශයේ අනුග‍්‍රහකයන්ගෙන් ලබාගන්නා බවත් ඇමැතිවරයා පැවසීය. තරගාවලියේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 8 වැනිදා ද, සමාප්ති උළෙල කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 14 වැනිදා ද, පැවැත්වීමට නියමිතය. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම බාර ප‍්‍රධානී වින්ග්කමාන්ඩර් සමන්ත වීරසේකර මහතාට සමරු තිළිණ පිරිනමන ලද අවස්ථාව.. (ඡායාරූපය: සුමින්ද සුදර්ශන)



අදහස් (0)

සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ්‍යාවක් දිනා ගන්නවා - සංවිධාන කමිටු සභාපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site