(රූප සටහන - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)
(ඩිල්ශානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 591දෙනෙකු පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 65,644 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය 91.35%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සිය නිල වෙබ් අඩවියේ සඳහන් කරයි.
අද දිනයේදී පිටව ගිය වැඩිම පිරිස වාර්තා වන්නේ, ගිරිඋල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර, එම අගය 52කි.
කෙසේවෙතත්, කොරෝනා බවට තහවුරු කළ රෝගීහු 5,197දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. එම අගය ප්‍රතිශතයක් ලෙස 8.1%කි. එසේම, අද උදෑසන 10.00 වනවිට පමණක් රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 715කි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ තහවුරු කළ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 71,211කි. එයින්, 150දෙනෙකු වෙනත් රටවලින් පැමිණි විදේශිකයන් වන අතර, 1,947දෙනෙක් විදේශයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෝය. එසේම, 950 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් සහ ආශ්‍රිතයන් ය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 651කි. මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර පොකුර සම්බන්ධ අනුපොකුරුවල ආසාදිතයෝ 67,200ක්ද ඒ අතර වෙති. සෙසු 313 දෙනා වෙනත් පිරිස වෙති.
ශ්‍රී ලංකාවේ කොරෝනා සමස්ත මරණ ගණන 370කි. එයින් 228ක් පුරුෂයන් වන අතර, සෙසු 142දෙනා ස්ත්‍රීහු වෙති. කොරෝනා මරණ අනුපාතය 0.52%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ගණන 3,266ක් වන අතර, ඊට අදාළ මරණ ගණන 16කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සියයට 91ක් කොරෝනාවෙන් සුවය ලබති