(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු මුදල් ප‍්‍රමාණයට වඩා සීයයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (12) හෙළි කළේය.
මීට පෙර වසර හයක කාලයකදී බැඳුම්කර වෙන්දේසි 248ක් පවත්වා ඇතැයිද ඉන් සමහර අවස්ථා වලදීත් රජයට අවශ්‍ය මුදල් ප‍්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් ප‍්‍රමාණයන් ඉදිරිපත් කොට ඇතත් ඒවා සීයයට 400ක ප‍්‍රමාණයට වඩා ඉහළට ගොස් නැතැයි වාර්තා අනුසාරයෙන් පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා රුපියල් බිලියන 10.058ක් ගැනීමට මෙම වෙන්දේසියේදී රජය කටයුතු කළත් රජයට ලැබුණේ රුපියල් බිලියන 9.658ක් නිසා මෙම වෙන්දේසිය ආරම්භයේදීම රජයට රුපියල් කෝටී 40ක් පාඩුවක් සිදු වු බවද රජයේ විගණකාධිපතිවරයා හෙළි කළේය.
සේවක අර්ථ සාදක අරමුදලේ (ඊ.පී.එෆ්) මුදල් මඟින් 2015 පෙබරවාරී 27 වැනිදා වන විට රජයට අවශ්‍යව තිබු සම්පුර්ණම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීමට හැකියාව තිබු බව පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා සේවක අර්ථ සාදක අරමුදලේ මුදල් වෙනත් ඒවායේ ආයෝජනය කිරීමට යෑමෙන් එහි තිබු මුදලූත් නැති වී ඇතැයිද කීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා‘