මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට ගෙන ඇත.
නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන 1000 ක පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය
- 044
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට
Sanath Wednesday, 21 February 2018 07:43 PM
මේක තමයි මගේ හිතේ තිබුනෙත්. මේ සමගම සයිටම් රෝහලත් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීටයට පවරගත්තොත් ප්‍රශ්න සියල්ලක්ම විසඳෙනවා විතරක් නොවෙයි වෛද්‍ය විද්‍යාව හදාරන්න කැමති දක්ෂ සිසුවන්ට පිට රටවල් වලට ගිහිල්ල ඉගෙනගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.
දිමුත්Thursday, 22 February 2018 08:33 AM
ඉතාමත්ම කදිම යෝජනාවක්!
විකුම් රංගන Wednesday, 21 February 2018 08:19 PM
ගරු, ජනාධිපති තුමෙනී, ඔබ තුමාට මතක ඇති එදා, ඔබ තුමාව ජයග්‍රහණය කරා රැගෙන ආවේ මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර බව. එත්, ඔබ තුමා මේ වෙනතෙක් සවන් දුන්නේ, මහපාරේ රිලා නැටුම් නටන නරි රැලකට. එහි ප්‍රතිපලයත් හරිම රසවත්නේ? ඉතාම සුළු ප්‍රශ්නයක් විසඳන්න ඔබ තුමා වැයකළ කාලය ඔබ තුමාට වැදගත් නොවුනට මේ රටේ සමස්ත තරුණ පරපුරට එය කල්පයක්? සයිටම් සිසුන් පමණක් නොවේ, වෛද්‍ය අධ්‍යාපනය සඳහා මේ රටෙන් පිටවූ සිසුන් හා එම සිසුන් හරහා විදේශ රටවලට වැයකළ මුදල්? තරුණ සිසුන්ට විදේශ රටකදී මුහුණ පාන්න වෙන කටුක අත්දැකීම් හා අපහසුතා? මේ සෑම දේටම ඔවුන් ඔබ තුමාව මතක් කරන්න ඇති. රටේ උගත් තරුණ පරපුර ගැනත් කල්පනා කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මේ රටේ තරුණයින්ට, වෛද්‍ය අද්‍යාපනය හැදෑරීමේ අයිතිය මීට වසර කීපයකට ප්‍රථම තහවුරු කළා. ඔබ තුමා එය ප්‍රමාදවී හෝ අවබෝධ කර ගත් එක ගැන අපි සතුටු වෙමු!!
කරුණාපාල Wednesday, 21 February 2018 09:33 PM
ඉතාම හොඳ වැඩක්. එත්, ඉතින් "අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලය වැහුවා වගේ "වැඩක් තමයි. මේ ආයතනයේම පිටරට සිසුන්ට වෛද්‍ය අද්‍යාපනය ලැබීමේ අයිතිය ලැබිලා අපි දැනගෙනත්, ගොඩක් කල්. කොහොමත් ඉතින් ජාතියක් ලෙස අපි ඉන්නේ අනෙක් ජාතීන්ට වඩා බොහෝ පසුපසින්නේ. ප්‍රමාද වී හෝ ගත් තීරණය අපේ අනාගත පරපුරට වැදගත්. අපේ රටේ බොහෝ අය තීරණයක් ගන්නේ නැතිව කන කහ කහා ඉන්න වෙලාවට, කනේ පාරක් වැදුනම තමයි නිවැරදි තීරණය ගන්නේ?
ranjith Wednesday, 21 February 2018 11:23 PM
මීට පස්සෙත් තව එකක් අල්ලාගෙන උත්ගොෂණ පටන් ගනීවි
lalithsjm Thursday, 22 February 2018 01:34 AM
මුලික අද්යාපන සුදුසුකම් බලන එක හරිම වැදගත්
Gihan Thursday, 22 February 2018 02:01 AM
ඉතා හොඳ තීරනයක්. සයිටම් එක කොතලාවල ඇකඩමියට ඒකාබද්ධ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. නිකන්ම සල්ලි වලට විතරක් නොගෙන හැකියාවත් බලන්නම ඕනේ. නැත්තන් මැරෙන්නේ අහිංසක ලෙඩ්ඩු.
Upali Thursday, 22 February 2018 02:28 AM
මේ තරම් ශිෂ්‍ය සංඛ්‍යාවක් කොතලාවල වෛද්‍ය පීඨයට ඔරොත්තු දෙන එකක් නෑ. ඒක හින්ද කොතලාවල වෛද්‍ය පීඨයේ ශාඛාවක් මාලබේට ගෙනියන්න කියල මම යෝජනා කරනවා.
Chandra Thursday, 22 February 2018 02:34 AM
එකේ ප්‍රමිතිය ගැන අන්තරේගෙන් විමසුවද දන්නේ නැහැ . අන්තරේ ප්‍රමිතිය අපිට ඉස්පිරිතාලෙට ගියාම හොදට පේනවා .
SadunThursday, 22 February 2018 03:54 AM
ලියන්න නිදහස තිබුන පලියට මෝඩ කතා ලියන්න එපා. මේ වගේ අදහස් වලින් තමන්ගෙ මෝඩ කමයි පේන්නෙ. අන්තරේ ළමයින්ගෙ මොකද්ද තියෙන සම්බන්ධෙ රෝහල් එක්ක. ඒ ළමයි ප්‍රශ්න කරන්නේ අද්‍යාපනය ගැන මිසක් රෝහල් වල පරිපාලනය ගැන නෙමෙයි.
NihalThursday, 22 February 2018 07:45 AM
සමහර මෝඩයන්ට කොච්චර තේරුම් කරන්න හැදුවත් තේරුම් ගන්න තරම් බුද්ධීයක් වැඩිල නැත්තන් කරන්න දෙයක් නැහැනේ. ඒක නිසා මේ වගේ මිනිස්සුන්ට මුලින්ම කියල දෙන්න වෙයි අන්තරය කියන්නෙ මොකද්ද, ජි එම් ඕ කියන්නෙ මොකද්ද, රෝහල් වල පරිපාලනය කියන්නෙ මොකද්ද, අද්‍යාපනය කියන්නෙ මොකද්ද, වෛදය අද්‍යාපනය කියන්නෙ මොකද්ද කියන දේවල්. නැත්තන් ඔබතුමාල කියන දේවල් තේරුම් ගන්න තරම් බුද්ධි මටටම්ක් හැදෙනකන් ඉන්න වෙයි වගේ. අපි නම් ඔබ තුමා එක්ක 100% එකගයි.
ලසන්තThursday, 22 February 2018 04:00 AM
අන්තරෙන් විතරක් නෙවෙයි ජි එම ඔ ඒ ලොක්කන්ගෙනුත් එකෙනුත් අහන්න වෙයි නේද?
PrabaThursday, 22 February 2018 05:34 AM
ඔබතුමා කියන ඉස්පිරිතාලේ මොකක්ද? ලංකාවේ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය සේවකයන්ගේ අපරිමත කැපවීම නිසා.....දොස්තරලා නර්ස්ලා පිටරට ගියොත් ලංකාවේ වගේ දහගුණයක් පඩි ගන්න පුලුවන්...ඒ කැපවීමට සමච්චල් කරන්න එපා....
ලසන්ත Thursday, 22 February 2018 03:37 AM
මම හිතන විදියට නම් ජනාධිපතිතුමා හැටියට මේ වසර කිහිපයේදී අසරණ දරුවන් දහසක් වෙනුවෙන් මෙතුමා ගත් හොඳම තීරණය මෙයයි
සතයපාල Thursday, 22 February 2018 06:09 AM
වෛද්‍ය අධයාපනය වැනී මනුෂය ජීවිතවලට තදින්ම බලපෑම් කරන වෘත්තීන් සදහා ආධුනිකයන් බදවා ගැනීමේදී ඉහලම සුදුසුකම විය යුත්තේ අනිවාර්යෙන්ම, ඉහල සාක්ෂරතාවයකින් හා උසස් බුද්ධි මට්ටමකින් යුත් පිරිසක් බවට අවිවාදිත කරුණක් වන අතර ඒ සදහා දැනට පිලිගත් හා එකම නිර්නායකය වන්නේ අ.පො.ස. උ.පෙ. සමාර්තය වේ එ අනුව උ.පෙ.ජීවවිදයා අංශයෙන් ඉහලින්ම සමත් පිරිස වෛදය විදියාව හැදෑරීමට තෝරා ගැනීම අනිවාර්ය වගකීමක් වන අතර එය මුදලට හෝ වෙනයම් කරුණකට යට කිරිම මිනිස් ජීවීත අනතුරේ හෙලිමක් වන අතර මූදලට වෛදය අධයාපනය විකිණීමට පක්ෂ අයවලුන් මේ සහාසික අපරාධයේ වගඋත්තරකරුවන් වනු ඇත.
lankaThursday, 22 February 2018 07:22 AM
ඉතින් සත්‍යපාල දැන් ගන්නේ ඉහළම සුදුසුකම් ලබපු අය නොවෙයිනේ .ඉහළ ප්‍රතිඵල ලැබූ අය ගෙදර ඉන්නවා පහළ ප්‍රතිඵල තියෙන අය දිස්ත්‍රික් කෝටා ක්‍රමයට වෙද්‍ය විද්‍යාලයට යනවා.
දාවිත් Thursday, 22 February 2018 07:34 AM
මේ සලිල්කාර පුත්තුන්ට මේ තනතුරට මෙච්චර ආසාද? සල්ලි සල්ලි සල්ලි.. කෝටි 1.20 වියදම් කරලනෙ තියෙන්නෙ.... කොහොමහරි මේ සල්ලිකාර කුණු අම්මල තාත්තතලා එක්ක ඪිල් එකක් ගහන්න ඇති 2020 ජනාධිපතිවරනෙට ඡන්ද ගන්න...
කරුණාපාලThursday, 22 February 2018 02:29 PM
දාවිත් කියන නමේ අරුතවත් නොදැන නම අහුලා ගත්තු හාල්පාරුවෙක් ගොඩක් උත්සහ කරලා සිංහ නාදේ දැම්මට, පිටට ඇහෙන්නේ නම් නරි නාදේ? දෙකේ පන්තියේ ළමයෙක් උසස් අධ්‍යාපනය ගැන හිතන්නේ, කඩේට ගිහින් මුදල් දීලා ටොපි ගන්නවා වගේ කියල ඔබ ලියලා තියන රසවත් කතාවෙන් අපට පැහැදිලි වෙනවා. ඒ වගේම ඔබ තුමාගේ පාසල් ශේණිය අනුව නම්, ගණන් ටීචර් ගෙන් ලකුණු 99ක් වත් මේ කතාවට ලැබෙනවා ෂුවර්!! කරුණාපාල