සයිටම් ගැටළුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරතවීම කනගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අනුරාධපුර පැවැති රැස්වීමක දී ය.
දේශපාලන අතකොළු බවට පත් නොවී තමන්ගෙත්, රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙස මෙහිදී සියලූ වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ දී කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතබන බවද අවධාරණය කළේය.
දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ වරප්‍රසාදලත් පංතිය නොව රටේ අහිංසක පොදු මහජනතාව බව සිහිපත් කළ සිරිසේන මහතා ගැටළුවක් ඇත්නම් ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව තිඛෙන බව ද කියා සිටියේය.
සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවටම බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලබාදෙමින් එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති මෙම අවස්ථාවේ පොදු ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් සහ රට නොසන්සුන් කරමින් වෛද්‍යවරුන්ගෙන් කොටසක් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනවල නිරතවීම ඉතා කනගාටුදායක බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
(ඡායාරූප - චතුරංග සඳරැස්ගම)
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සයිටම් ගැටළුව විසඳන්න යද්දී වර්ජන කිරීම ගැන කණගාටුයි - ජනපති
kasun Friday, 05 May 2017 09:45 AM
මේවගේ දේවල්වලට සුදු වැන් එකක් ප්‍රයෝජනයට ගත්තත් අපි විරුද්ධ වෙන්නේ නැහැ..
mitee Friday, 05 May 2017 10:04 AM
ඉස්සෙල්ලාම ඔයා හරියට ජනාධිපතිකම කරන්නකෝ. ඔයාට ඒකවත් හරියට කරගන්න බැරුව තව සයිටම් එක ගැන මොන කතාද?
upali Friday, 05 May 2017 10:27 AM
ජනපතිතුමනි, මෙයාලව බබාලා වගේ නලවල හරියන්නේ නැහැ. ප්‍රේමදාස, මහින්ද මහත්වරුන් කළ දේවල් ආදර්ශයට ගන්නවෙයි..
samFriday, 05 May 2017 11:09 AM
ජේ ආර් අසූවේ ජුලි වර්ජකයින්ට කරපු දේ ඔබ දන්නේ නැතුවාවත්ද ?
wedage Friday, 05 May 2017 10:44 AM
ලොකු අයට දැනෙන්න නම් වර්ජනයක්ම කරන්න වෙලානේ එකනේ මේ ඔක්කොම කරදර...
buddika Friday, 05 May 2017 10:51 AM
වර්ජනය ගැටළුවක් කරගන්න එපා, ගෙනෙන විසඳුම ඉක්මන් කරන්නකෝ..!!!
K Perera Friday, 05 May 2017 11:20 AM
කතාවක් තිබෙනවානේ හිතහොද අම්මණ්ඩි හැමදාම බඩින්කියා, හැමදේකටම සීමාවක් තිබෙනවානේ , සයිටම්! සයිටම්! මේකද ලංකාව තිබෙන විශාලතම ප්‍රශ්නය? ජනාදිපතිතුමනි දැන්නම් ඉවසුවා ඇති. වේවැල අතට ගන්න වෙනවා.
sisira Friday, 05 May 2017 12:12 PM
අතගගා කාලය දියකර හරිමින් කර අරිනකොට කොහොමද ප්‍රශ්න විසඳෙන්නේ
sisira Friday, 05 May 2017 12:18 PM
කේ පෙරේරා... ජනපතිතුමා වේවැල විසිකරලා මඩු වලිගය අතට ගත් බව ඔයා තවමත් දන්නේ නැද්ද? එත් ඒක ඔහේ වන වනා පුන පුනා ඉන්නවා මිසක් එකෙන් තැලුම් කාපු කෙනෙක් නම් නැහැ. ඉස්සෙල්ලාම තලන්න තියෙන්නේ මහා බැංකු බැඳුම්කර හොරාගත්තු කෙනාට. එහෙම නැතිව මඩු වලිගය පෙරහරේ කස ගහන්නද? කියල අර පැරණි කියමන වෙනස් කරන්න කාලය හරි.
gamini Friday, 05 May 2017 01:25 PM
ජනාධිපතිතුමනි ඔබතුමා තදින් සිටින්න. අපි ඔබ සමගයි. නියමිත කාලයට කලින් මහමැතිවරණයක් තබන්න.
ජගා Sunday, 07 May 2017 07:29 AM
ජනපතිතුමනි, ඔබතුමා ගෙනාවෙ සයිටම් ප්‍රශ්නය විසදන්න විසදුම්ද? නැත්තං සෞඛ්‍ය ඇමතිතුමාගේ වුවමනාව පරිදි නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ ප්‍රශ්නවලට විසඳුම්ද? ඒවා රටට කියන්න අර තියපු මාධ්‍ය සංදර්ශනවලට වියදම් කල සල්ලි භාණ්ඩාගාරයෙන්ද නැත්තං වෙන කාගෙ හරි සාක්කුවෙන්ද? සෞඛ්‍ය ඇමැතිතුමා ඔබතුමාව බලයට පත් කරන්න වැඩ කලාට ඔබතුමා එහෙම වෙන්න ඕන නෑ. නිවැරදි තීරණයක් ගන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. බොරුවට පාළු ගෙවල් වල වලං බිඳින්නෙ නැතුව.... නියම විසදුම් වෙනුවට මුදලාලි කෙනෙක්ට ඕන විසඳුමක් ගේනවා. ඒවාට විරුද්ධව උද්ඝෝෂණ කරන කොට මෙහෙම මාධ්‍ය ඉස්සරභට ඇවිත් තොත්ත බබා වෙන්න හදනවා....