IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සයිටම් කණ්ඩායමක් හෙට කොතලාවලට - අධ්‍යාපනය යළි මුල සිට

රංජන් කස්තුරි 
 
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් හෙට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය.
 
මෙලෙස කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගන්නේ සයිටම් ආයතනයට ඉකුත් 2017 වසරේදී බඳවා ගත් 14 වැනි ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසුන් 40 දෙනෙකි.
 
එම සිසුන් සයිටම් ආයතනයේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබා තිබෙන නමුත් එම අධ්‍යාපන කාලය නොසලකා ඔවුන් පළමු වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස ඇතුළත් කර ගැනීමට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ බලධාරීන් තීරණය කර ඇත.
 
මේ අතර එම සිසුන්ට එක් අධ්‍යාපන වසරක් සඳහා රුපියල් තුන් ලක්ෂ අසූ දහසක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී ඇත.



අදහස් (18)

සයිටම් කණ්ඩායමක් හෙට කොතලාවලට - අධ්‍යාපනය යළි මුල සිට

sanath Sunday, 05 August 2018 05:55 PM

2017දී ඇතුළත් වුණු කණ්ඩායම තමයි ගොඩක්ම වාසනාවන්ත... මෙයාලා සයිට්ම් එකේ ඉගෙන ගත්තා නම් අවුරුද්දකට ලක්ෂ 20කට වඩා වියදම් කරන්න වෙනවා. පිටරට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නත් අඩුම වියදම අවුරුද්දකට ලක්ෂ 10ක් වත් යනවා. ඊට අමතරව ගුවන් ගමන් නවාතැන් සහ කෑමට බීමට සෑහෙන්න වියදම් කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීමට ලංකාවේදී විභාගයක් කරලා පාස් වෙන්නත් තියෙනවා. කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළුවුණු සයිට්ම් සිසුන් මේ විභාගෙනුත් නිදහස්...

:       5       176

MOHANMonday, 06 August 2018 09:26 AM

නිවැරදි කිරීමක්, මැලේසියාවේ වෛද්‍ය අධ්‍යාපන හැදෑරීමට වසරකට රුපියල් මිලියන 6ක් අධ්‍යාපන ගාස්තු විතරක් යනවා. ඕස්ට්‍රේලියාවේ වසරකට රුපියල් මිලියන 10ක් යනවා. චීනයේ වසරකට එක සිසුවෙකුට රුපියල් මිලියන 3 ක් වත් යනවා. මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වල සිටින ලාංකික සිසුන් ගණන 500 ක්. ඒ සදහා වසරකට මැලේසියාවට ඇදී යන අපේ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 3000 ක්.

:       1       6

චරිත් Sunday, 05 August 2018 06:17 PM

කොහොම හරි ලංකාවේ ළමුන්ට ඉගෙන ගන්න හම්බවෙනවනං පිටරට නොගිහිල්ලා. අම්මලා තාත්තලා ලඟ ඉඳලා ඉගෙන ගන්න පුලුවන් නම් කොච්චර හොඳද? වෛද්‍ය විද්‍යාව විතරක් ද උසස්. අනෙක් විෂයනුත් උසස්. වෛද්‍ය විද්‍යාවේ දී යොදා ගන්නේ අනෙක් විෂයන්. උදා රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව. ජීව විද්‍යාව පමණක් නොවේ. එම නිසා මෙම අනිකුත් විෂයන්ටත් සම තැන ලැබෙන්න ඕනේ. මම මෙහෙම කිව්වේ සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාලය පමණක් නැති කරන්න ක්‍රියා කරපු නිසා. එහෙනම් අනෙක් විශයනුත් උගන්වන පෞද්ගලික විශ්ව විද්‍යාල නවත්තන්න ඕන. අපේ රටේ දරුවන් විශාල ප්‍රමාණයකගේ කාලය මේ වගේ විකාර ප්‍රශ්ණයක් නිසා නැති උනා. මේ වගේ ප්‍රශ්ණ ඇති කිරීමට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන ටියුෂන් ගුරුවරු කිහිප දෙනෙක් කටයුතු කලා. විශ්ව විද්‍යාල වල ලමුන් ලවා උද්ගෝෂණ කරවූවා.

:       171       341

PerakumMonday, 06 August 2018 02:07 AM

මේක තමයි ඇත්ත. ඒත් ඇත්ත කතා කරන්න කවුරුත් කැමති නෑ. රටේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. ආර්ථික දේශපාලන හා පෞද්ගලික ප්‍රතිලාභ නිසා අහක බලා ගන්නවා. කිසිම දේශපාලකයෙක් රටට ආදරය ඇති බවක් පෙනේනේ නෑ.

:       1       41

ChandimaMonday, 06 August 2018 02:30 AM

භෞතික විද්‍යාව කියන විෂය ලංකාවේ ඉතාම අවාසනාවන්ත තත්වයක තියෙන්නේ. ඒක කරලා මොන උපාධිය ගත්තත් මේ රටේ ප්‍රයෝගිකව වෘත්තියකට තියෙන්නේ තව කෙනෙකුට උගන්වන එක විතරයි. මේ රටේදී කවදාවත් ඉන්දියාවේ අබ්දුල් කලාම් වැනි පුද්ගලයන්ට වගේ එම විෂය රටේ දියුණුවට යොදාගන්න අවස්ථාවක් තවම නැහැ. අඩුම තරමින් මෙහෙම විෂයයන් තියෙන බව වත් අපේ දෙසපාලකයො දන්නේ නැහැ.

:       1       62

නුවන්Monday, 06 August 2018 07:15 AM

වෛද්‍ය වෘත්තිකයන් ඉලක්ක කරගත් අධ්‍යාපනයක්. වෙනත් වෘත්තිකයන් වගේ නොවෙයි . උදාහරණයක් ලෙස තොරතුරු තාක්ෂණවේදියෙකුට ඕනම රටක ගිහින් ඕනම කොම්පැනියකට වැඩ කරන්න පුලුවන්. නියාමනය කරන්න කිසිම ආයතනයක් නෑ. වැඩේ කරනවනම් එච්චරයි. නමුත් ඕනෑම රටක වෛද්‍ය සභාව මගින් නියාමනය කරල විභාග තියල මිසක් වැඩට ගන්නෙ නෑ. කරන්න දෙන්නෙ නෑ. මේකයි වෙනස.

:       28       0

ලුම්බිණි Monday, 06 August 2018 01:07 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැන් සතුටු ඇති මම හිතන්නේ.

:       100       55

jayath Monday, 06 August 2018 02:29 AM

මේ අය සැබම වාසනාවන්තයෝ මොකද වියදමත් අඩුයි වැදගත්ම දේ ඊනියා ඇක්ට් 16 නැති එක එන්න ළමයිනේ එලියට.

:       48       128

Chandima Monday, 06 August 2018 02:44 AM

වෛද්‍ය විද්‍යාව හැදෑරීමට උසස් පෙළ සියලු සුදුසු කම් තිබිලත් ලකුණෙන් දෙකෙන් ඒ අවස්ථාව මග හැරෙන සිසුන්ට මොකක්ද කරන්න කියන්නේ. අනිවාර්යයෙන් පිට රට ගිහින් අති විශාල මුදලක් වැය කරලා ඉගෙන ගන්නද? එහෙම බැරිනම් නිකම් වෙන මොනවා හරි කරන්න කියලද? ඒ කද ඔය සයිටම් විරෝධීන් අනුමත කරන්නේ? නැතිනම් රජයේ වෛද්‍ය විද්‍යාල ඒ හැම දෙනාටම දෙන්න කියලද, ඒක කරන්න පුලුවන්ද? ඔය විරෝධතාකාරයෝ ඉර හඳ තියෙන තාක් ඔය ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් කවදාවත් දෙන්නේ නැහැ. බොරුද මම කියන්නේ? මෙතන අදහස් දක්වන කෙනෙක් ඉන්නවනම් කියන්න.

:       12       95

sudesh Monday, 06 August 2018 03:29 AM

ඇයි පුළුවන්නම් සයිටම් එකට එස් තුනෙන් ඇවිල්ලා ලක්ෂ 100කට වඩා ගෙවලා ඉගෙන ගන්න. රජයට ඒවා ගෙවුවාම මොකද වෙන්නේ? ඒ ගානම මෙයාලගෙන් ගන්නේ නැත්තේ ඇයි?

:       82       6

Pushpa Monday, 06 August 2018 04:11 AM

පෞද්ගලික අධ්‍යාපනය වැරද්දක් නැහැ. නුමුත් ලංකාවේ කිසිම තැනක කිසිම දෙයක් හරි හැටි නියාමනය වෙන්නේ නැහැ. පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් නුසුදුසු දොස්තරවරුන් බිහිවෙන්න ඉඩ තියෙනවා. එස් තුන නැති අයත් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිත බවකුත් කියනවා.

:       107       193

kumara Monday, 06 August 2018 05:07 AM

අතිසාරේට අමුඩේ ගහනවා වගේ කියන්නේ මේ වගේ වැඩවලට තමයි..

:       24       0

එර්දි Monday, 06 August 2018 05:26 AM

එදා මේ සයිටම් කියන ආයතනය ස්ථාපිත කරද්දී රටේ මිනිස්සු ඊට එරෙහි වූවානම් අද මෙතරම් ලොකු ප්‍රශ්නයක් ඇති නොවේ. එදා පාලකයන්ගේ හැම ජරා වැඩක්ම අනුමත කරපු අය අද සයිටම් විරෝධියකු වීම වන්දිබට්ටයන්ට ගැලපුණත්.. මේ ආයතනයේ ඉගෙනුම ලැබූ දරුවන්ටත් සහනයක් සැලසීම සැමදෙනාගේම වගකීමක්. මොකද ඒ දරුවොත් අපේ...

:       8       13

දිනේෂ් Monday, 06 August 2018 07:16 AM

ඔබ සැමට සාර්ථක අනාගතයකට සුභපැතුම්!

:       0       52

asoka Monday, 06 August 2018 08:55 AM

SAITM එකේ ඉන්නේ කෝටිපති දෙමපියන්ගි මෝඩ දරුවෝ කියපු අය දැන් දැනගන්න ඕනේ , එකේ ඉන්නේ වැඩිහරියක් මැද පන්තියේ දෙමව්පියන්ගේ දරුවෝ කියලා.

:       10       49

Mervyn Monday, 06 August 2018 10:45 AM

ම දන්නා තරමින් ගාස්තුව වසරකට ලක්ෂ 3 නොව ලක්ෂ 13කි. දන්නා අයෙක් නිවැරදි කරන්න

:       0       51

tommy Monday, 06 August 2018 12:27 PM

ඔය වෛද්‍ය සංගමය සයිටම් ආයතනයට ඔයතරම් විරුද්ධ නම්, එම ප්‍රශ්නය සයිටම් ආයතනය ආරම්භ කළ අවස්ථාවේදී විසඳාගත යුතුව තිබුණා. නමුත්, ඔවුන් එදා තිබුණු රජයට බිය නිසා එවැනි දෙයක් සිදු කලේ නැහැ. අද පවනින රජයේ දියාරු ප්‍රතිපත්ති මත සයිටම් වෛද්‍ය පීඨය වසා දමා ඇති අතර, අද එහි ඉගෙනගත් සිසුන් විසින් එයට වන්දි ගෙවනවා. එයින් සිදුවූයේ ලාංකික සිසුන්ට තමන්ගේම රට තුළම වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ තිබුණු අවස්ථාවක් වසා දැමීමයි. මා සිතන්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අවශ්‍ය අවම උසස් පෙළ ප්‍රතිඵල ගැසට් කල පසු, එවැනි ප්‍රතිඵල ඇති සිසුන් සඳහා සයිටම් වෛද්‍ය පීඨය නැවත විවෘත කල යුතු බවයි.

:       0       2

ranjith Monday, 06 August 2018 01:14 PM

මම පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පක්ෂයි. ඒ අනුව සයිටම් එකටත් විරුද්ධ වුනේ නැහැ. නමුත් මට දැන් නිකමට වගේ හැඟෙනවා. සයිටම් එක ක්‍රමානුකූල විධිමත් ක්‍රම අනුගමනය කරලා නැහැ කියලා. ඒ මොකද 2009දී පටන් ගත්තා නම් 2017 දෙන කොට ගතවෙලා තියෙන්නේ වසර 9 යි. නමුත් ශිෂ්‍ය කණ්ඩායම් 14 ක් බඳවාගෙන. ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙනවා නම් වසරකට එක කණ්ඩායමයි බදවා ගන්න ඕනෑ. වසර 5 ක් මොවුන් කණ්ඩායම් දෙක බැගින් බදවාගෙන. ආයතනයක් අරම්භක අවස්ථාවේදී එහෙම කරනවා නම් ඔවුන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලියි. නෙවිල් ප්‍රනාන්දු ගුණාත්මක අධ්‍යාපනය පසෙක දමා මුදල් හොයන්න ගිහින් තමයි මේ අවුල ඇතිකරගෙන පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 937 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 364 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 202 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 107 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 461 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 1465 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 355 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1337 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site