IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙල - 2011

අධ්‍යාපන අමාත්‍යංශයේ සංවිධානයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ (2011) ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (2) පස්වරුවේ තරග අවසන් වන විට නව තරග වාර්තා 18 ක් පිහිටුවනු ලැබ තිබිණ. තවත්  වාර්තාවක් සම කරන ලද අතර ඊයේ (2 වැනිදා) දිනයේ පමණක් නව තරග වාර්තා හතක් සටහන් විය. ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ කේ. ඞී. ජේ. එන්. රන්දෙණිය වයස 19 න් පහළ මීටර 110 කඩුලූ පැන දිවීම (බාලක) ඉසව්ව තත්පර 14.41 කින් නිම කරමින් එම ඉසව්වේ වසර 19 ක් පැරණි වාර්තාව බිඳ දැමීමට කැපී පෙනුණි. රන්දෙණිය පසුගිය වසරේ මෙම තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ද වේ. දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභියකු වූ කඩුලූ පැන දිවීමේ කී‍්‍රඩක මහේෂ් පෙරේරා විසින් 1992 වසරේ තත්පර 14.41 කින් ඉසව්ව නිම කරමින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබුණි. එවකට ඔහු බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළේය. කොළඹ ආනන්ද විදුහලේ අරෝෂ් කාරියවසම් වයස 15 න් පහළ මීටර 100 සහ 200 ඉසව් දෙකේදීම නව වාර්තා තැබීමට සමත් වීම ඊයේ දිනයේ තවත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. රත්නපුර නව නගරය කුමර විදුහලේ ඩබ්ලිව්. කේ. එම්. යූ. කුමාර වයස 17 න් පහළ දුර පැනීමේ බාලක ඉසව්වේදී මීටර 7.07 ක් පනිමින් එම ඉසව්වේ වසර 15 ක් පැරණි වාර්තාව අලූත් කිරීමට සමත් විය. එහි පැරණි වාර්තාව 1996 වසරේ වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේ දුමින්ද ප‍්‍රසාද් සිල්වා විසින් මීටර 7.06 ක් පනිමින් පිහිටුවනු ලැබ තිබිණ. මෙවර මලල ක‍්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට සහ ක‍්‍රීඩිකාවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග‍්‍රහයෙන් රුපියල් 125,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ. අද (3) තරගාවලියේ අවසන් සහ සිවුවැනි දිනය වන අතර තරගාවලියේ සාමාප්ති උත්සවය අද (3) පස්වරු 3.00 සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. නව තරග වාර්තා (වයස 21 න් පහළ) රිටි පැනීම (බාලිකා)- එස්. තනූෂා (අරුණෝදය විදුහල) - මීටර 3.10 මීටර 5000 (බාලිකා)-  ඞී. එම්. අජන්තා සංජීවනි (වැල්ලවාය කුමාරදාස ම.වි.) - විනාඩි 18.55.00 (වයස 19 න් පහළ) රිටි පැනීම (බාලක)-  එම්. එච්. අයි. සඳරුවන් (වලල ඒ. රත්නායක ම.ම.වි.)-  මීටර 4.00 මීටර 400 කඩුලූ පැන දිවීම (බාලක)-  ජේ. ළහිරු ප‍්‍රසන්ජිත් (හොරණ තක්‍ෂිලා ම.ම.වි.)-  තත්පර 53.82 මීටර 400 කඩුලූ පැන දිවීම (බාලිකා)-  එල්. ඞී. එන්. ගිම්හාන් ජයතිලක (රත්නපුර සුමන බාලිකා විදුහ)-  විනාඩි 1.02.72 රිටි පැනීම (බාලිකා)-  ඒ. පවිත‍්‍රා (අරුණෝදය විදුහල)-  මීටර 3.00 මීටර 5000 (බාලිකා)-  එච්. එම්. එම්. කේ. සෙනෙවිරත්න (කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල)-  විනාඩි 18.02.32 උප පැනීම (බාලක)-  ඞී. එම්. එම්. මිලාන් දිසානායක (හංවැල්ල රුජසිංහ ම.ම.වි.)-  මීටර 2.15 මීටර 110 කඩුලූ පැන දිවීම (බාලක)-  කේ. ඞී. ජේ. එන්. රන්දෙණිය (ගන්නෝරුව රණබිම රාජකීය විදුහල)-  තත්පර 14.41 මීටර 400 (බාලිකා)-  නදීශානි හෙන්ඩර්සන් (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල)-  තත්පර 56.09 මීටර 100X4 (බාලිකා)-  (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල )- තත්පර 48.34 යගුලිය විසිකිරීම (බාලක)-  ඞී. සන්ජුල සුමනවීර (කොළඹ රෝයල් ජාත්‍යන්තර පාසල)-  මීටර 13.88 උස පැනීම (බාලිකා)-  එච්. එම්. එන්. එම්. සිරිවර්ධන (ගලෙන්බිඳුණු වැව ම.වි.)-  මීටර 1.70 (වාර්තාව සම කිරීමකි) (වයස 17 න් පහළ) දුර පැනීම (බාලක)-  ඩබ්ලිව්. කේ. එම්. යූ. කුමාර (රත්නපුර නවනගරය කුමර විදුහල)-  මීටර 7.07 තුන්පිම්ම (බාලිකා)-  එච්. ඞී. විදුෂා ලක්ෂානි (මීගමුව ආවේ මරියා බාලිකා)-  මීටර 11.48 කවපෙත්ත විසිකිරීම (බාලිකා)-  සී. ජී. කවිදා කුමාරි (ගලේවෙල ම.ම.වි.)-  මීටර 37.22 (වයස 15 න් පහළ) මීටර 200 (බාලක)-  අරෝෂ් කාරියවසම් (කොළඹ ආනන්ද විදුහල)-  තත්පර 23.52 මීටර 100 (බාලක)-  අරෝෂ් කාරියවසම් (කොළඹ ආනන්ද විදුහල)-  තත්පර 11.51 මීටර 100X4 (බාලිකා)-  (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල )-  තත්පර 51.20



අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙල - 2011

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 234 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site