IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සැමියා බිරිය පැහැරගනී

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හලාවත මානුවන්ගම ප්‍රදේශයෙ මව්පියන්ගේ නිවසේ සිටි 18 හැවිරිදි විවාහක කාන්තාවක් බව පොලිසිය පවසයි.

අදාල පැහැර ගැනිම ඉකුත් 19 දින උදැසන සිදුව ඇති අතර එම පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාවගෙ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත මැරයින් පිරිසක් පැමින ඇති බව පරික්ෂණ වලදි හෙළිව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙම පැහැර ගැනිමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී උපකාරක පංති වලට සහභාගි වෙමින් සිටියදී හදුනා ගත් තරුණයකු සමග හාද කමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයෙ එම තරුණයා සමග නිවසට හොර රහසේ පැන ගොස් තිබු බව කියයි.

කෙසේ නමුත් මෙම තරුණයා සමග විවාහ වී ඇති මෙම තරුණිය මාස කිපයක් පමනක් එකට දිවි ගෙවා ඇති නමුත් පසුව විවාහ වු 19 හැවිරිදි තරුණ සැමියා විසින් සිදුකළ හිරිහැර ඉවසා ගත නොහැකිව ඇති බව කියයි.

තමන් පත්ව ඇති තත්වය පිළිබදව පසුව කඩිනමින් මව්පියන්ට දැනුවත් කර ඇති අතර ඔවුන් ලබා දුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 දින විවාහක සැමියා සමග මහනුවර නගරයට පැමින ඇති බවත් එයින් පසු  සැමියාට සැක නොසිතන ලෙස මගහැර මව්පියන් සමග ආපසු හලාවත මානුවන්ගම නිවසට පැමිණි ඇති බව පැවසෙයි.

එසේ මව්පියන්ගේ නිවසේ රැදි සිටියදී අදාල විවාහක සැමියා තවත් පිරිසක් සමග වෑන් රථයකින් පැමින තම විවාහක බිරිද බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බව  පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

එම පැහැර ගැනිම සිදුවන අවස්ථාවේදි මෙම තරුණ කාන්තාවගෙ මව පමනක් නිවසේ සිට ඇති බවත් ඇයටද මෙම පිරිස පහර දී තරුණිය විලාප තබා කෑගසන විට පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.

පැහැර ගැනිමට පැමිනි සැමියා හා අනිකුත් පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලිසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු ගමගෙ මහතාගෙ උපදෙස් මත හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු .ඩි.එස් .පද්මකුමාර මහතා ඇතුළු පොලිස් නිළධාරින් කණ්ඩායමක් මේ වන විට අදාල පැහැර ගැනිම සම්බන්ධව පරික්ෂණ අරඹා තිබේ.

 



අදහස් (15)

සැමියා බිරිය පැහැරගනී

පැරකුම් Friday, 21 April 2023 02:40 PM

ලස්සනට ගොතපු කතාවක්... ආපු මැර කණ්ඩායමේ කැමරා කාරයෙකුත් ඉඳලා තියෙනවා...

:       145       8

ජයනාත්Friday, 21 April 2023 03:32 PM

මේක cctv දර්ශනයක් බව පේනවා නේද?

:       4       67

@ටිම්බා Friday, 21 April 2023 03:47 PM

ගෙදර සවිකර ඇති CCTV වලින් ගත්තුවා වෙන්න පුළුවන්...

:       1       40

ManulaFriday, 21 April 2023 04:08 PM

CCTV ඔයා දන්නේ නැද්ද?

:       2       44

ගොන්ගාලේ ගොඩබණ්ඩා Saturday, 22 April 2023 02:22 AM

අනේ පැරකුම් නොදුටු මොක්පුර. තරුණිය පැහැරගත් එකත් කොල්ලෙක්... මමත් කොල්ලෙක්. ඌත් මගේ වයසේ. ඒ නිසා මම උගේ පැත්තේ. ලංකාවේ තරුණ පරපුර ජාතියක් ලෙස ටිකක් හරි ඉදිරියට යයි කියලා හිතුවා. කරුමෙක තරම කියන්නේ ඩිජිටල් අවකාශේ සැරිසරන තරුණයන් පවා දැනට වසර 40-50 කට පෙර හිටපු ඔල මොට්ටල නූගත් මිනිස්සුන්ට වඩා වෙනසක් නෑ. ඒ කාලේ එහෙම වුනේ එක එක ගම්මාන විවිධ කුල අනුව ඒකරාශි වෙලා තිබුනේ. තම ගෝත්‍රය වෙනුවෙන් පෙනී නොසිටියහොත් තම වර්ගයා දුර්වල වෙන නිසා. බලවතාට කුලවතාට යටවෙන නිසා (ගෝත්‍රික ගති). ඒ යුගයේ එය වරදක් නෑ. තම වර්ගයාගේ ආරක්ෂාව රැකුණේ එලෙස තමයි. තවමත් කොළඹ පැල්පත් වාසීන් තම පන්තිය වෙනුවෙන් කඩුපොලු රැගෙන සටනට එන්නේ බලවතුන්ගේ පීඩනයට මුහුණ දීමට... එතැනදී හරි හෝ වරද නොව තම කණ්ඩායමේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටිය යුතු නිසා. එහෙත් දැන් රට වේගයෙන් වෙනස් වෙළා. කුල පන්ති අනුව ඒකරාශී වුණු තැන් අඩුයි. මිනිසුන් විසිරිලා. ලෝකයට විවර වෙලා. ලෝකයේ හැම දෙයක්ම හැම දෙනාම එකම මොහොතේ දැනුවත් වෙනවා...!

:       0       0

ගොන්ගාලේ ගොඩබණ්ඩා Saturday, 22 April 2023 02:24 AM

එහෙම වුණත් තවමත් ලංකාවේ තරුණයින් පවා මිථ්‍යා විශ්වාස කරන හරි වැරැද්ද වෙනුවෙන් නොව තමන්ගේ එකා වෙනුවෙන් ඕනෙම වරදක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලුවන්ට කඩේ යන ගෝත්‍රික ගති අතහැර නෑ. පැරකුම්ලා හැමතැනම. හෙල්මට් වලින් ඔලුවලට තලන්නේ, රිය අනතුරකදී වට කරගෙන ගහලා ගිනි තියන්නේ දවසට දෙතුන් දෙනා දියේ ගිලි මිය යන්නේ....ස්මාර්ට් ෆෝන් අතේ තිබුනට මුහුණු පොතේ කෙටුවාට, වාහනයක් තිබුණට. අපි තවමත් ගෝත්‍රිකයි. දුනු ඊතල වෙනුවට හෙල්මටයෙන් හෝ මුහුණු පොත ආයුධයක් කරගත් ගෝත්‍රිකයින් පිරිසක්. රට පත්වී ඇති තත්වයට මෙයත් හේතුවක්.

:       0       1

කිරිපුතා Friday, 21 April 2023 03:48 PM

තාම වයස 18 යි. උසස්පෙළ කරලත් නෑ. මේවා හොඳ පුවත් තරුණ ගැහැණු ළමයින්ට... හරියට තේරුම් ගන්න බැරුව එක එක පිරිමි වේශයෙන් ඉන්න අසත්පුරුෂයින්ට රැවටිලා දෙමාපියන්ටත් හොරෙන් ජීවිත විනාශ කරගන්නවා...!

:       0       82

රුක්ෂාන් Friday, 21 April 2023 03:51 PM

උපකාරක පන්ති වලට සහභාගි වෙමින් සිටියදී හඳුනාගත් තරුණයකු සමග හාදකමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ... දෙමව්පියන්ට ගින්දර දීලා ඒ අයට බොරු කරලා, සිත් රිදවලා කරන දේවල් මේ ලෝකේ හරියන්නේ නෑ නෑමයි. මේ වගේ විඳවන්න වෙනවාමයි.

:       4       58

Perakum Friday, 21 April 2023 04:18 PM

එදත් මෙවැනි දේ සිදුවුණා... ඒත් අද වගේ ප්‍රසිද්ධියත් ලැබුණේ නෑ. අපේ නොමග යන තරුණ පරපුරට මේවා හොඳ පාඩම්....

:       0       40

පිටිගල මිලානෝ Friday, 21 April 2023 04:23 PM

මේ අයගේ ප්‍රේම කතාවේ දුෂ්ඨයත් කොල්ලාමයි. ඔහොම යනකොට කොල්ලා යාළුවොත් එක්කරගෙන එයි ගෙදර…

:       0       28

Nihal Friday, 21 April 2023 05:01 PM

සුද්දන් ඉන්න රටවල වගේ ප්‍රසිද්ධියට කරපු වැඩක්...

:       10       12

Piyal weerasinghe Friday, 21 April 2023 07:40 PM

බොළඳ පාසල් ප්‍රේමය කී දවසකින් නිමාවට පත්වුණාද? ඕවා හොඳපාඩම් අනාගත පරපුරට...

:       0       25

වීරසුන්දර Saturday, 22 April 2023 01:18 AM

අම්මලා, තාත්තලාට වැඩිය පෙම්කරන එකා ලොකුවෙලා, විශ්වාස කරලා හොරෙන්ම පැනලා යනවා. ඔය ආදරේ නෑ අරන් ගිහින් සතියයි, දෙකයි. පස්සේ ඉතිං අර ගිනි ගොඩක් දීලා ආපු දෙමව්පියන්ගේ පිහිට හොයාගෙන ගෙදර එන්න වෙනවා. ආවේ නැත්තත් දුක් විඳගෙනම ඉන්න වෙනවා.තමන්ට යමක් ලැබෙනකන් ඒ දේට හරිම කැමතියි, ආදරෙයි. ලැබුනට පස්සේ ඒ කැමැත්ත, ආදරේ නෑ. හැම දේටම මේක පොදුයි. ලැබුන දෙයක් ගැන හැමදාම සතුටු වෙන කෙනෙක් හොයාගන්න අමාරුයි. නොලැබුන දේටයි වඩා කැමති. මොළේ තියෙනවනම් මේවා දැකලා දෙමව්පියන්ට දුක් නොදී, ඒ අයට බොරු නොකර හැදියල්ලා...

:       0       0

ලුම්බිණි Saturday, 22 April 2023 05:39 AM

උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා...

:       0       0

විමල හිමි Saturday, 22 April 2023 07:45 AM

ධර්මයට අනුව ජීවත් වෙනවා නම් මෙහෙම වෙන්නේ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site