IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


‘සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්න බෑ’- එස් බී

(විනීතා එම් ගමගේ)


සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය බව සමෘද්ධි විෂය භාර හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.


එමෙන්ම එම තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි  බව ද හෙතෙම සඳහන් කරයි.

 
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඊයේ (6) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධි බැංකුවේ පාලනය මහ බැංකුව යටතට පත් කිරීමට පියවර ගන්නා බවට කළ සඳහන පිළිබඳ අදහස් දක්වමින් දිසානායක මහතා මේ බව පැවැසීය.


හිටපු අමාත්‍යවරයා පවසන්නේ සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්නට හැකියාවක් නොමැති බවකි. 



අදහස් (17)

‘සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්න බෑ’- එස් බී

Upali Monday, 07 May 2018 06:42 AM

මෙය අනිවාර්යයෙන්ම මහබැංකුව යටතට ගත යුතුයි. ජනතාවගේ මුදල් එක් එක් දේශපාලකයින්ගේ බල පුළුවන්කාරකම් මත පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. මහ බැංකුවේ පාලනයට ගැනීමට විරුද්ධ වනවාය කියන්නේ දූෂණයට ඉඩකඩ ලබා දෙනවා කියන එකයි.

:       68       148

SHAN SAUDI Monday, 07 May 2018 06:43 AM

හිතුමතේ ඕනේ දෙයක් වෙනස් කරන්න හැකි වුනේ මහින්ද ආණ්ඩුව කාලේ විතරයි. එදා මහාධිකරණ තීන්දු පවා දුන්නේ අරලියගහ මන්දිරයෙනේ විනිසුරුවන් උන්නේ... අත්සන් කරන්න විතරයිනේ... ඒක තමයි යහපාලනේ වෙනස...

:       327       513

SHAN SAUDI Monday, 07 May 2018 06:43 AM

හිතුමතේ ඕනේ දෙයක් වෙනස් කරන්න හැකි වුනේ මහින්ද ආණ්ඩුව කාලේ විතරයි එදා මහාධිකරණ තීන්දු පවා දුන්නේ අරලියගහ මන්දිරයෙන්නේ විනිසුරුවන් සිටියේ... අත්සන් කරන්න විතරයිනේ... ඒක තමා යහපලානේ වෙනස..

:       202       351

Ismail HussenMonday, 07 May 2018 08:08 AM

පත්තරවල මොනවා ගියත් ඡන්දෙ දිනන්නේ මහින්ද එච්චරයි.

:       558       446

shan saudi Monday, 07 May 2018 10:47 AM

"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. ඒ සිහිනෙන්ම මුදන්න ළං නොවන්න"

:       6       82

ධනුෂ්කMonday, 07 May 2018 12:04 PM

පත්තරවල යන එව්වා කියවන අය අඩුයිනේ. පත්තර විතරක් නෙමේ වෙන දේවල් වුනත් කියවන අය අඩුයිනේ. හුගක්ම කිවන්න වෙලාවකුත් නෑ ජනතාවට ජීවන අරගලය තියනවනේ. ඡන්දේ දෙන්නේ අනේ මගේ දෙයියා පින්පාට සුදුපාට උඩු රැව්ල තියාපු ගාම්බීර පෙනුම තියන අපේ රජතුමා කියලනේ. 50 පැනපු අාච්චිලායි ගොඩක් කාන්තාවොයි ඡන්දෙ දෙන්නම එහෙමනේ එතනින් එහාට මොනා වුනත් ජනතාවට වැඩක් නෑ.

:       0       106

බුද්ධික Monday, 07 May 2018 07:15 AM

තුනෙන් දෙකක් ඕනෙද නැද්ද කියල තීරණය කරන්නේ ශ්‍රේෂ්ටාධිකරණය.

:       2       35

sam Monday, 07 May 2018 07:21 AM

පසුගිය රජය කාලේ සමෘද්ධි සල්ලි මාටියා ගහන්න ඉඩ නොදුන් නිසා නේද අගවිනිසුරුතුමිය ගෙදර යැව්වේ?

:       54       127

ජගත් ලියනගේ Monday, 07 May 2018 07:51 AM

මහා බැංකුවට ගන්නේ නැත්තං හොඳයි . එහෙම උනොත් ඒකෙ තියන සල්ලි වලටත් විඳලා තමයි නවතින්නේ.

:       119       178

Hafeel Monday, 07 May 2018 07:59 AM

ඔන්න බලන්න සමෘද්ධි බැංකුව ගැන රනිල්ටත්, S Bටත් තියන කැක්කුම. ඔවුන් දන්නවා ඔකේ රස.

:       5       60

රවින් Monday, 07 May 2018 08:06 AM

හිතුමතේ හොරකම් කරන්නත් බැරි බව මතක තිය ගත්තොත් හොඳයි.

:       0       17

rama Monday, 07 May 2018 08:22 AM

මහබැංකුව යටට ගන්න කියන්නේ... එතකොට ඒ බැංකුවත් මංකොල්ල කන්න පුළුවන් නේද රනිල්ට...?

:       16       222

නුමා Monday, 07 May 2018 08:35 AM

ලංකාවේ ඕවා කරන්න බැහැ... එකකින් ඡන්දය ඉල්ලලා පැරදිලා පිං ඇමතිකම් අරගෙන පක්ෂය වෙනස් කරන ඔබලා ඉන්න රටේ වෙනස් කරන්න බැරි මොනවද?

:       0       3

etarahelaya Monday, 07 May 2018 08:45 AM

චන්ද්‍රිකා මැතිනියගේ කාලේ මාලිගාවල් හැදුවා කියලා, ගාලු මුවදොරේ දුවනවා කිව්වා මතකද? දෝස් මුරේ දැම්මා කියලා.

:       0       10

Balu abaran Monday, 07 May 2018 09:03 AM

සියලුම මුදල් ආයතන පාලනය මහබැංකුවෙන් අනුමතයි නේද?

:       0       22

dhamneth Monday, 07 May 2018 09:28 AM

ඔබට බැරිබව ජනතාව අවබෝධ කරගෙන ඇති නිසානේ පසුගිය මැතිවරණයේදී පැරදුණේ...

:       0       32

ranjith Monday, 07 May 2018 12:43 PM

මහබැංකුව විනාශකර තව තියෙන වත්කම් හොයනවා. කාබාසිනියා කරන්න දැන් නම් මේ අය ගහලා පෙන්නුවේ නැතිනම් රටම ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 300 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site