(සුජිත් හේවාජුලිගේ)
සබරගමු විශ්වවිද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 13 දෙනකුගෙන් කෝටි 9කට (92,299,644) වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර සබරගමු විශ්වවිද්‍යාලයේ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් පස් දෙනකු හා දේශීය අධ්‍යයන නිවාඩු ලබාගත් නිලධාරින් තිදෙනකු අදාළ කාලයේදී අධ්‍යයන කටයුතු නිම නොකර නැවත සේවයට වාර්තා කර තිබූ හෙයින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් එම අධ්‍යයන වියදම් අයකර ගත යුතු වුවත් පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විටත් රුපියල් හය කෝටි හැට හය ලක්ෂයකට වැඩි මුදලක් අයකරගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
මෙම මුදල් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සබරගමු සරසවි ඇදුරෝත් රජයට කෝටි 9ක් පොලු තියලා