හොලිවුඩ් සුපිරි නිළි ඇන්ජලීනා ජොලී 'ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් (LSE)' පාසලේ බාහිර මහාචාර්යවරියක ලෙස කටයුතු කිරීමට සම්බන්ධවීමට නියමිත බව වාර්තා වෙයි. එම අධ්‍යාපන ආයතනයේ ඇරඹි නව උසස් උපාධි පාඨමාලාවක් වන 'කාන්තාව, සාමය සහ ආරක්ෂාව' යන පාඨමාලාව උදෙසා දේශකවරියක ලෙස සම්බන්ධ වීමට නියමිත ඇන්ජලීනා ජොලී පවසන්නේ 'මම රජයේ සහ එක්සත් ජාතීන් සමග වැඩ කරමින් ලබාගත් මගේම අත්දැකීම් ශිෂ්‍යයන් සමග බෙදාගැනීමට සහ ඔවුන්ගේන් දේවල් ඉගැනීමට ආසාවෙන් බලා සිටිනවා' යනුවෙනි.
ඇන්ජලීනා ජොලී සමග බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් 'විලියම් හේග්'ද මෙම කටයුත්තට සම්බන්ධවීමට නියමිත අතර, මොවුන්ගේ ප්‍රයත්නය ලිංගික හිංසනය ආදී අපරාධ ක්‍රියා මර්දනය කිරීම උදෙසා ගෝලීය වශයෙන් පියවර ගැනීමට දායක වීමයි.
අනුෂි දන්තනාරායන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.