ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් විසින් පසුගිය දිනක ඉන්දියාවේ මහා මාර්ගයකදී අපූරු ක්‍රියාවක් සිදුකළා. ඒ යාචකයෙක් ලෙස වෙස් වළාගෙන මහා මාර්ගයට පැමිණ ඔහුගේම ගීත ගායනා කිරීමයි.
එම අවස්ථාවේ බොහෝ පිරිසක් එය නරඹමින් සිටියත් කාටවත් ඔහුව හඳුනාගැනීමට නොහැකි වූ අවස්ථාවේ එහි පැමිණි තරුණයෙක් විසින් මෙම අවස්ථාව පටිගත කරගන්නේ ඔහුට එය විශ්වාස කළ නොහැකි බව පවසමින්. වෙස් වළාගෙන සිටින සෝනු හට එම ගායනය සෝනුගේම විය යුතු බව පවසමින් තරුණයා විසින් බලා සිටි සියල්ලන්ටම කලින් යම්කිසි මුදලක්ද සෝනු වෙත ලබා දී තිබෙනවා. ඒ රුපියල් 12ක්.
කෙසේවෙතත් මේ සිදුවීම අගයමින් සෝනු නිගම් විසින් එම මුදල ලබාදුන් පුද්ගලයා වන ශබ්රාස්ව බැහැදැකීමට ගොස් ඔහු විසින් ලබාදුන් රුපියල් 12ක මුදල රාමු කරමින් එය තිළිණයක් වශයෙන් සෝනු නිගම්ගේ අත්සනත් සහිතව ලබා දී තිබෙනවා. මෙහිදී සෝනු නිගම් කියා ඇත්තේ මෙම ක්‍රියාව පිළිබඳව ඔහු බොහෝ සේ සතුටු වන බවයි. ඔහු හිඟන්නෙකු ලෙස සිටියදී කිසිදු කෙනෙකු විසින් මුදල් ලබා නොදුන් අතර, එවැනි පුද්ගලයන් ඉදිරියේ මොහු විසින් මෙම ක්‍රියාව සිදුකළ ආකාරය පිලිබඳව සෝනු නිගම් විසින් තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.