
(අංජුල මහික වීරරත්න)
විවිධ පාර්ශව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය බිඳ වැට්ටවීමට රජය ඉඩ නොදෙන බව මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පැවසීය.
අවංකව ක්‍රියාකරන සේවකයන්, ගොවීන් රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක්තොග අතර කිලෝග්‍රෑම් 170 කට ආසන්නයේ කළු ගලක් සොයාගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට සෙවණගල සීනි කර්මාන්ත ශාලාවට අද පැමිණි අවස්ථාවේදීය.
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීනි කර්මාන්තය බිඳ දාන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ
යෝගා Friday, 01 August 2025 06:27 PM
ඇයි හඳුන්නෙත්තිට කොන්දක් නැද්ද ඔතැනට ගිහින් ඔය ටිකත් කියලා තමන්ගේ නොහැකියාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලට සමාවත් ඉල්ලලා එන්න.
JanahithaSaturday, 02 August 2025 11:10 AM
වැඩේට වැඩිය දේශපාලනේ කරන අය ඔතැනින්ම පන්නා දමා වැඩක් කරන්න පුළුවන් දුප්පත් ජනතාව ඕනෑ තරම් ඉන්නවා. වහාම පියවර ගන්න.
de silva Friday, 01 August 2025 08:16 PM
රජයට අයත් ව්‍යාපාර විනාශ කරන්නේ එක ඇතුලේම ඉන්න සේවක, සේවිකා, වෘත්තීය සමිති සහ පාලක පක්ෂය මිසක් පිටින් එන කිසි කෙනෙකු නොවන බව සෙවනගල සීනි කම්හලේ, ශ්‍රී ලන්කන් ගුවන්සමාගම ඇතුළු රජයේ ආයතනවල තත්වය නිරීක්ෂණය කරන කොට පෙනෙනවා...
ගුණරත්න Saturday, 02 August 2025 08:04 AM
මේ ආණ්ඩුව රෝදය නැවත සොයාගන්නවා. ඔවුන්ට රජයේ සමාගම් ගැන වැටහීමක් නැහැ. හිතාගෙන ඉන්නේ ඒවා සල්ලි මවන යන්ත්‍ර කියලා, ඒවාට අපි අකුල් හෙලන නිසා පාඩු වෙනවා කියලා බැණ බැණ ඉන්නවා. ඒත් පාඩු වෙන්නේ අධික සේවක සංඛ්‍යාව, ඉහළ විදුලි බිල, අමුද්‍රව්‍ය මිල අධික වීම, මෙහෙ හදන අමුද්‍රව්‍ය ප්‍රමාණවත් නොවීම, බාල ප්‍රමිතිය. යල්පැන ගිය යන්ත්‍ර සූත්‍ර. නවෝත්පාදන අඩු වීම. ආදී කෝටියක් ප්‍රශ්න නිසා කියලා, මේ හැම ප්‍රශ්නයකට විසඳුම් හොයලා බදුත් ගෙවලා විදේශ සමාගම් ඉතා ලාභයට මෙහෙ බඩු විකුණන්නේ කොහොමද කියලා මොවුන් දන්නේ නැහැ. ඉතින් රෝදය හොයාගන්න කම් රජයේ සල්ලි මේවාට පොම්ප කරමින් පුච්චලා විනාශ කරනවා...
Lalla Saturday, 02 August 2025 08:48 AM
නිෂ්පාදන පිරිවැය පහත දැමීම සහ එතනෝල් සඳහා හොඳ මිලක් ලබාදීමට පියවර ගැනීම එකම විසඳුම... ලොව පුරාම සීනි කර්මාන්තය රකින්නේ එතනෝල් මිල මගින් නොවේද? සීනි කර්මාන්ත හැමවිටම මධ්‍යසාර නිශ්පාදන සමාගම් සමඟ වෙලී ගිය තත්ත්වය ඇත්ත...!
R.T.sarath Saturday, 02 August 2025 10:22 AM
සිල්වාගේ අදහස මමත් අනුමත කරනවා.. සීනි කම්හලේ සේවකයෝ සහ පාලනාධිකාරිය මහන්සිවෙලා අවංකව තම කාර්යය කරනවා නම් මේවා පාඩු වෙන්නේ නැහැ... ආයතන දියුණු කරන එකේ වගකීම තිබෙන්නේ එහි සේවක සහ පාලක පක්ෂ දෙක අතේ... ඒ ගොල්ලොත් අනෙක් රජයේ කාර්යාල මෙන් වැඩ නොකර හොර බොරු කලොත් ආයතන වසා දැමීම හැර වෙන විකල්පයක් රජයට නැහැ..., මේ වගේ පාඩු පියවන්න දිගින් දිගටම ජනතාවගේ බදු මුදල් නිකරුනේ වැය කරන්න බැහැ...
sanath Saturday, 02 August 2025 10:26 AM
යෝගා හඳුන්නෙත්තිට බැනලා වැඩක් නැහැ. ඔහු එතැන කළමනාකරු හෝ වුර්තිය සමිත් නායකයා හෝ නොවේ.. ආයතන දියුණු කරන්න පුළුවන් වෙන්නේ ආයතනයක් සේවක සහ පාලක පක්ෂ දෙක උත්සාහයෙන් අවංකව වැඩ කළොත් පමණි. පාඩු ලබනවා නම් ඕක වහලා දමන්න.. එහෙම නැතිනම් වසර 5 කට පමණ පුද්ගලික ආයතනයකට බදු දෙන්න..