(චන්ද්‍රසිරි ගුණසේකර)
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
හිනිදුම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දිගු කලක් කටයුතු කළ සුනිල් සේනානායක මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස පළමුවෙන්ම දේශපාලනයට අවතීර්ණ විය.
ඔහු නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක තිලක් සේනානායක මහාතාගේද සහෝදරයෙකි.
විශ්‍රාමික වෛද්‍ය කල්‍යාණී අබේවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ සුනිල් සේනානායක මහතා එක්දරු පියෙකි.
පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු අද (18) සවස අභාවප්‍රාප්ත වී ඇත.
සුනිල් සේනානායක මහතාගේ දේහය නෙළුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 4.00 ට නෙළුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
බටලන්දේ ප්‍රේමලතා Friday, 18 April 2025 09:37 PM
නිවන් සුව ලැබේවා! එක්සත් ජාතික පාක්ෂිකයන් යනු වඳවෙමින් පවතින පිරිසකි.
Lal Fernando Saturday, 19 April 2025 01:45 PM
පව් අප්පා. එජාපය මෙතරම් පහතට වැටුණාද? ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් ගැන නේද මේ... ඇයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා නැද්ද?