IMG-LOGO

සන්දීෂ් - රුවිනි දක්‍ෂතම සම්මාන දිනති

නුගේගොඩ ශාන්ත ජෝන් ක‍්‍රීඩා සමාජය සංවිධානය කළ බස්නාහිර පළාත් විවෘත ශ්‍රේණිගත කිරීමේ කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සන්දීෂ් නිශ්ශංක ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස රුවිනි කන්නන්ගර ද සම්මාන ලැබුහ. මෙම තරගාවලිය පසුගියදා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. කොළඹ ආනන්ද විදුහලේ සන්දීෂ් නිශ්ශංක 18 න් පහළ සහ 15 න් පහළ (බාලක) වයස් කාණ්ඩ දෙකේම ශූරතාව දිනාගත්තේය. කොළඹ මියුසියස් විදුහලේ රුවිනි කන්නන්ගර 18 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් අතර ඇය 15 න් පහළ වයස් කාණ්ඩයෙන් අනුශූරතාව හිමිකර ගත්තාය. තරගාවලියට 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) වයස් කාණ්ඩ පහක් ඇතුළත්විය. අවසන් තරග ප‍්‍රතිඵල: 8 න් පහළ (බාලක) සහිරු මුණසිංහ (යක්කල අනුර ආදර්ශ විද්‍යාලය) විසින් සෙනුර දිලංක සිල්වා (ඉසිපතන) පරාජය කරන ලදී. (11/9, 11/8) 8 න් පහළ (බාලිකා) හෂාලි සාන්්‍යා බුද්ධදාස (විශාඛා) විසින් ඉමල්ෂා ලක්රන්දි (ගල්කිස්ස බෞද්ධ කාන්තා විද්‍යාලය) පරාජය කරන ලදී. (13/11, 11/9) 10 න් පහළ (බාලක) දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම්) විසින් සවාර් චිත්ති (ගල්කිස්ස ශා.තෝමස්) පරාජය කරන ලදී. (9/11, 14/12, 11/7) 10 න් පහළ (බාලිකා) අයාලා චිත්ති (කොළඹ කාන්තා) විසින් උසිරි පෙරේරා (ගල්කිස්ස උසස් බාලිකා) පරාජය කරන ලදී. (9/11, 14/12, 11/7) 12 න් පහළ (බාලක) ලිත්මිණ මහනාම (කොළඹ වෙස්ලි) විසින් නිමේෂ් රන්චාගොඩ (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. (11/9, 11/6) 12 න් පහළ (බාලිකා) හංසනී පියුමාලි (නුගේගොඩ අනුලා) විසින් සචිනි අල්විස් (ගල්කිස්ස උසස් බාලිකා) පරාජය කරන ලදී. (11/6, 11/7) 15 න් පහළ (බාලක) සන්දීෂ් නිශ්ශංක (කොළඹ ආනන්ද) විසින් ලිත්මිණ මහානාම (කොළඹ වෙස්ලි) පරාජය කරන ලදී. (11/9, 11/6) 15 න් පහළ (බාලිකා) කිත්මදී රණවක (විශාඛා) විසින් රුවිනි කන්නන්ගර (මියුසියස්) පරාජය කරන ලදී. (11/8, 4/11, 11/9) 18 න් පහළ (බාලක) සන්දීෂ් නිශ්ශංක (කොළඹ ආනන්ද) විසින් සෙනාල් රත්නායක (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. (11/2, 4/11, 11/8) 18 න් පහළ (බාලිකා) රුවිනි කන්නන්ගර (මියුසියස්) විසින් චමත්සරා ප‍්‍රනාන්දු (ගල්කිස්ස උසස් බාලිකා) පරාජය කරන ලදී. (12/10, 11/5) සන්දීෂ් නිශ්ශංක රුවිනි කන්නන්ගර



අදහස් (0)

සන්දීෂ් - රුවිනි දක්‍ෂතම සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site