(ආරියරත්න රණබාහු,සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම් යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවැසීය.
තමාගේ මුළු ජීවිත කාලය තුළදී කුඨ ලේඛන සාදා නොමැති බව පැවැසූ කතානායකවරයා එවැනි චෝදනාවක් තිබේ නම් ඒ ඕනෑම පරීක්ෂණයකට සූදානම් බවද කීය.
කතානායක ධූරයට සුදුසු නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තමා ඉවත් කරන ලෙසද ඉල්ලා සිටි කතානායකවරයා එය පිළිගැනීමට සූදානම් බවද කීය.
තමාගේ අනුරූ පඹයන් ලෙස සකසා පුලුස්සා දැමීම් පසුගිය දිනවල සිදුවී ඇති බව පැවැසූ කතානායකවරයා තමා ගමේ උපන් අයෙකු බැවින් වස් දොස් යෑමට පඹයන් පිළිස්සීම ගැන සතුටු වන බවද පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් උපුටා දක්වමින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා එම අදහස් පළ කළේය.
ඡායාරූපය - ළහිරු හර්ෂණ


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.