සදර්න් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය 14 වැනි වරටත් මෙහෙයවන සදර්න් ‘මෝසම්’ මෝටර් රථ රැළිය හෙට (24) මාතර යුද හමුදා කඳවුර අසළින් ඇරැඹෙයි. මෝටර් රථ හා ජීප් රථ ධාවනය වන මෙම රැළියට දිවයිනේ නම ගිය තරගකරුවෝ රැසක් සහභාගිවෙති. දෙදිනක් පුරා කිලෝමීටර 550 ක දුෂ්කර ගමන් මාර්ගයක සිය මෝටර රථ ධාවනය කරන රියැදුරන්ට දෙනු ලබන ලකුණු අනුව අවම ලකුණු සංඛ්‍යාවක් අහිමි කරගන්නා රැළියේ ජයග‍්‍රාහකයා වෙයි. කිලෝමීටර 190 ක දුරකින් සමන්විත මෙම රැලියේ පළමු අදියර මාතර යුද හමුදා කඳවුර අසළින් සෙනසුරාදා (24 වැනිදා) පස්වරු 8.00 ට ආරම්භ වී තිහගොඩ, යටියන, හක්මන, දෙනගම, කිරම හරහා උඩවලව දක්වා පැවැත්වේ පසුදින (25 වැනිදා) අලූයම 2.00 ට උඩවලව නගරයෙන් ඇරැඹෙන දෙවැනි අදියරේ දුර කිලෝමීටර 188 කි. සෙවණගල, තණමල්විල, සුරියවැව, බඳගිරිය හරහා තිස්සමහාරාමයට පැමිණ පෙරවරු 6.00 ට පමණ දෙවැනි අදියර අවසන් වේ. පෙරවරු 10.00 ට ඇරඹෙන තෙවැනි අදියරේදී තරගකරුවෝ කිලෝමීටර 185 ක දුරක් ගමන් කරති. එහිදී හම්බන්තොට, අගුණුකොළපැලැස්ස, විරකැටිය, වලස්මුල්ල, මූලටියන, මාකදුර, වැලිගම හරහා සිය රථ හසුරුවමින් පස්වරු 2.30 ට පමණ මාතර නගරයෙන් රැලිය අවසන්වේ. ප‍්‍රධාන රැලියට සමගාමීව ප‍්‍රවීණයන් සහ ආධුනිකයන් සඳහා ද ඉසව් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පසුගිය වසරේ පැවැති රැුලියෙන් සෆ්රාෂ් ජුනයිඞ් ජය ලැබීය. ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන මෙම රැලියට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, පෑන් ඒෂියා බැංකුව සහ සී. අයි. එෆ්. එල්. සම අනුග‍්‍රාහය දක්වයි. රැලියට සහභාගිවන තරගකරුවෝ: නිෂාන් වසලතන්ත‍්‍රී, දුමින්ද ජයසිංහ, රවී මායාදුන්න, වර්ණ ආරියදාස, දිනේෂ් ප‍්‍රනාන්දු, එස්.වොට්සන්, සෑම් චන්ද්‍රසෝම, සාලූත අබේසුරිය, ඉන්දු සමරකෝන්, යකෝබ් ආරිෆ්, සෆ්රාස් ජුනයිඞ්, රිස්වි ෆාරොක්, දීප්ති පෙරේරා, රිස්මින් රසීක්, ජගත් මුණසිංහ, සංජය සේදර සෙනරත්, රමේෂ් උබයරත්න, සංජීව අබේවත්ත, පසන් පුංචිහේව, එස්.කේ.රංජිත්, නවුසාර් දීන්, අකිල කමලේන්ද්‍ර, සෙනුර ලක්වින්, චමල් ගුණසේකර සහ කසීම් වහබ්
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සදර්න් ‘මෝසම්’ රැළිය හෙට මාතරින් ඇරැඹෙයි