IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සෞදියේ බස් අනතුරකින් 40ක් මරුට

සෞදි අරාබියේ සිදු වූ බස් අනතුරකින් මක්කකම සිට මෙඩිනා දක්වා ගමන් කරමින් සිටි ඉන්දියානු  උම්රා වන්දනාකරුවන් 40 කුට වැඩි පිරිසක් ජීව්තක්ෂයට පත්ව තිබේ.

 මක්කම සිට මෙඩිනා බලා ගමන් කළ බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර මූලික වාර්තා වලින් පෙනී යන්නේ  වින්දිතයින් හයිද්‍රාබාද් සිට පැමිණි අය බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 තෙලන්ගානා මහ ඇමති  රේවන්ත් රෙඩ්ඩි කණගාටුව පළ කර ඇති අතර සම්පූර්ණ තොරතුරු රැස් කිරීමට , සහන සැලසීමට , විදෙස් කටයුතු අමාත්‍යාංශය සහ සෞදි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කිරීමට නිළධාරීන්ට උපදෙස් දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

මෙම අනතුරින් එක් පුද්ගලයකු  දිවි බේරාගෙන ඇති බවත් මියගිය අය අතර කාන්තාවන්  20 දෙනෙකු සහ ළමුන් 11 දෙනෙකු සිටින බවත්  ඔවුන්ගෙන් වැඩි දෙනෙකු  හයිද්‍රාබාද් සිට පැමිණි අය බවත් තෙලන්ගානාහි අනෙකුත් ප්‍රදේශ වලින් පැමිණි වන්දනාකරුවන්ද සිටි බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

 විපතටපත් පවුල් වලට උපකාර කිරීම සඳහා තෙලන්ගානා ලේකම් කාර්යාලයේ පාලක මැදිරියක් පිහිටුවා ඇති බවත් එරට මාධය සඳහන් කර ඇත.

 



අදහස් (0)

සෞදියේ බස් අනතුරකින් 40ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site