(සිතුම් චතුරංග)
අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනීමට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165ක් පමණ අද (09) මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසයි.
කිරිගවයින් ගවමඩු තුල ගාල්කොට සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව කුඩා පැටවුන් සහ දෙනුන් මියගොස් ඇති බවද සඳහන් කරති.
අයහපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ශීත කාලගුණික තත්වය හේතුවෙන් දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ සීතල කාලගුණික තත්වය හේතුවෙන් මියගිය සතුන් ප්‍රමාණය තවත් ඉහලයා හැකි බවත්ය.
සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා ගොවීන් තැනතැන විශාල ගිනිසෑයවල් නිර්මාණය කරමින් ගවයින්ට උණුසුම ලාබාදීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසීය.
සතුන් මියයෑමෙන් තමන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත් මියගිය සතුන් පිළිබඳව හා සීතල හේතුවෙන් අසනීප වී ඇති සතුන් සම්බන්ධයෙන් කිලිනොච්චිය රජයේ පශුවෛද්‍ය කාර්යාලය දැණුවත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීතල වැඩි වී කිලිනොච්චියේ ගවයින් 165ක් මියයයි
බද්රානි Friday, 09 December 2022 03:36 PM
මේ ලංකාව දැන් ශාප ලත් රටක්..බොරුව, ප්‍රෝඩාව, තක්කඩිකම තමයි රජ කරන්නේ.. මිනිස්සුන්ව පමණක් නොවෙයි, මේ රටේ ගවයින්වත් රැවට්ටුවා පහුගිය කාලේ එක්තරා අමන පාලකයෙක්. පාස්කු ප්‍රහාරයේ ශාපලත් ව්‍යසනය තවම පටන් ගත්තා විතරයි.
Nimal Friday, 09 December 2022 06:31 PM
අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනීමට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් ගොඩනැගිල්ලක් තුලට ගෙන යන්න ( මෙය අපහසු කාර්යයකි ) tractor මගින් ගෙන ගොස් electric fan heater තිබේනම් ගවයන් බේරාගැනීමට හැකිවනු ඇත. සොබාදහම ලබදෙනාවූ පණිවුඩ පිලිබදව සිතා බලන්න, නැවත මෙවැන්නක් සිදුවුවහොත් කලයුතුවන්නේ කුමක්ද ?