සෞදි රැකියා සඳහා කාන්තාවන් සපයන බවකියා සූඩාන ජාතිකයකුගෙන් රුපියල් ලක්ෂ10ක් වංචා කළැයි කියන ශ්‍රී ලංකා රැකියා ඒජන්තවරයකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කෙළේය. අත්තිකාරම් වශයෙන් මෙම මුදල් ලබා ගත් බවත් මෙතෙක් එම පොරොන්දුව ඉටු නොකර ඔහු මගහැර ගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සූඩාන රැකියා ඒජන්තට කොකා පෙන්නයි
අසිත Tuesday, 06 November 2012 06:06 PM
ගැහැණු කට්ටියක් රවට්ටලා රට යවන්න බැරිවෙන්න ඇති. (නි)
වරුණ Wednesday, 07 November 2012 08:47 AM
අයියෝ සල්ලි
තරුෂ Wednesday, 07 November 2012 08:44 AM
සුඩානෙ කාන්තාවන්වත් යන්නැති සෞදිය ට ලංකාවෙන් යවන එක රජයෙන්ම නවත්වනව නම් හොඳයි (ස)
දයා-සවුදි Tuesday, 06 November 2012 06:25 PM
ඉබ්බා දියේ දානකොට ඈන්නෑවේ කිවුවලු. (නි)
සිල්වා Tuesday, 06 November 2012 07:00 PM
මෙන්න මෙහෙමලු උනේ (දී)
හේරත් Tuesday, 06 November 2012 07:46 PM
අම්මාප හැබෑද? මේ ඒජන්තතුමා මොන කච්චේරියෙද වැඩ කළේ? (නි)
රෝෂාන් Wednesday, 07 November 2012 10:24 AM
ලංකාවේ අපේ කාන්තාවන් මැද පෙරදිග එන එක දැන්වත් නවත්වන්න (ස)
ෆෙරෝස් Tuesday, 06 November 2012 08:00 PM
මෙහෙමත් ඒජන්සි, ලංකාවේ අය රවට්ටනවා මදිවට සුඩාන් කාරයොත් මට්ටු උනාද ? (ස)
රිස්වාන් - සවුදි Tuesday, 06 November 2012 08:20 PM
විදේශ සේවා නියුක්ති කාර්යාලය මුළුමනින්ම ඒජන්සි කාරයන් විසින් සල්ලි වලට අරන් තියෙන්නේ.මේක ගොඩින් බේරා ගනීවි. අලුතින් රට ගිය ගෘහ සේවිකාවක් මාස 3ක් තුළ නැවත ලංකාවට ආවොත් ඒජන්සියේ කෙනාට පාඩු වෙනවා. එම නිසා ගෘහ සේවිකාවන්ට මාස 3ක් තුළ නැවත එන්නට නොදී ප්‍රමාද කරන්නේ කාර්යංශයයි. (නි)
චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 11:36 PM
සෞදියේ ඉන්න තරමක් ඉන්නේ සුඩානේ අය. මොන එහෙකට ලංකාවේ ඒජන්සි වලට අහුවුණාද ?? (ස)
නදී Wednesday, 07 November 2012 01:50 AM
හැම ඒජන්ත කෙනෙක්ම කරන දෙයක්නෙ ඔය. (නි)
චතූ Wednesday, 07 November 2012 01:55 PM
ඒ ජන්තයා හොයාගන්න පුළුවන් වෙයිද - වෙනත් රටකට පැනගිහින්ද?.(ස)