දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ මධ්‍ය පාසල විසින් සංවිධානය කර තිබූ “ෂේකස්පියර් දිනය 2016” පසුගියදා අති සාර්ථක අන්දමින් පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණි. එදින සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ නාට්‍ය සහ පද්‍ය වැඩසටහන් රාශියක්ම පැවැත්වුණි.
ශ්‍රී ලාංකික පාසලේ සිසුවියන් විසින් සෑම වසරකදීම ෂේක්ස්පියර් දිනය පැවැත්වුවත් මෙවර වැඩසටහනේ සුවිශේෂීත්වය වූයේ එය විලියම් ෂේක්ස්පියර් ගේ 400 වැනි අනුස්මරණයද එදිනට යෙදී තිබීමයි.

පාසලේ සිසු සිසුවියන් විසින් මහා ගත්කරු ෂේකස්පියර්ගේ ශෝක සහ හාස්‍ය නාට්‍යවලින් උපුටාගත් කොටස් ඉදිරිපත් කළේ රැස්ව සිටි සිසුන්, මවුපියන් සහ ආරාධිත අමුත්තන් අමානන්දයට පත්කරමිනි. මෙම ඉදිරිපත් කිරීම නිසා ශ්‍රී ලාංකික පාසලේ දරු දැරියන් ෂේක්ස්පියර් දිනයට කෙතරම් හොඳින් සූදානම්ව සිටියාදැයි නරඹන්නන්ට වැටහී ගියේය.
ෂේක්ස්පියර් ගේ නිර්මාණවලින් උපුටාගත් කොටස්වලට අමතරව එළිමහන් රංඟ පීඨයේ ෂේක්ස්පියර් උපන් නිවෙස, ඔහුගේ බිරිය ඈන් හාත්වේ විසූ නිවෙස සහ ටියුඩර් රාජවංශයට අයත් මංගල භෝජන සංග්‍රහක අනුරූද නිර්මාණය කර තිබුණි. සිසු සිසුවියන් ටියුඩර් යුගයට අයත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටි නිසා විද්‍යාල භූමියට රැස්ව සිටි පිරිසට හැඟුනේ තමන් 15 සහ 16 වැනි ශත වර්ෂවලදී එංගලන්තයේ වෙසන බවකි.
මහා ගත්කරු විලියම් ෂේක්ස්පියර් විසින් ඉතිරි කර තබා ගිය උරුමය ඉතාමත් පොළඹවන සුළු අතර ඉන් වර්තමාන නාට්‍ය ලෝලීන්ට ද ලබාගත හැකි ගුරුහරුකම් බොහෝමයක් ගැබ්ව පවතී.










COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.