(උපුල් හේරත්)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආලෝකකරනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික සෝලා ත් විදුලි පහන් තොගයක් පරිත්‍යාග කළේය.

දැනට මාස කිහිපයකට පෙර ඓතිහාසිකව මිහින්තලා පුද බිමෙි විදුලි බිල රුපියල් ලක්ෂ විසි හතරකට නොඅඩු මුදලක් ගෙවා ගැනීමට අපොහොසත්වව තිබිය දී විපක්ෂ නායක සජිත් පේමදාස මහතා මිහින්තලා පුදබිමට පැමිණ විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත එම මුදල් ලබා දීමට කටයුතු කළහ .

එහිදී ඇති කරගත් පොරොන්දුවක් පරිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශීය රටකින් ගෙන්වන ලදැයි කියන සෝලා පවර් හෙවත් සූර්ය කෝෂ විදුලි ලාම්පු තොගයක් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයකු  මිහින්තලේ නාහිමිට ගෙනැවිත් භාර දෙන ලදී .

මේ පිළිබඳව විහාරාධිපති හිමියන් කියා සිටිනුයේ, මෙම සූර්ය කෝෂ විදුලි පහන් ආරක්ෂා කර ගැනීමට හැකි වුවහොත් එක් මසක විදුලි බිල අවම වශයෙන් රුපියල් ලක්ෂ හතරකට නොඅඩු මුදලක් අඩු කර ගත හැකි බව උන්වහන්සේ කියා සිටියහ .

ඓතිහාසික මිහින්තලා පුදබිම ආවරණය වන විශාල භූමි බාගයක මෙම සූරිය කෝෂ විදුලි ලාම්පු  සවිකිරීම ද එදිනම ආරම්භ කළේය.