IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සංචාරක මණ්ඩලයේ ණය රුපියල් බිලියනය ඉක්මවයි

ජාත්‍යන්තර විකාශන ආයතන තුනකට රුපියල් මිලියන 500ක් පමණ ගෙවීමට තිබෙන හෙයින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන ව්‍යාපාර අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව එම ආයතනයේ සේවා පවත්වා ගැනීමේ දී ඇති ගැටළු නිසා අමතර ණය රුපියල් මිලියන 600ක් පමණ ගෙවීමට ඇති බවත් ඩේලි එෆ්.ටී. පුවත් පත වාර්තා කරයි.

2014 සිට 2015 මාර්තු දක්වා වූ කාලය තුළ අල්ජසීරා, ස්කයි නිවුස් හා බ්ලූම්බර්ග් යන මාධ්‍යවල කළ ප්‍රචාරණ කටයුතු සඳහා එම හිඟ බිල්පත් ගෙවීමට ඇතැයි සංචාරක සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජානක සුගතදාස මහතා පවසයි.

“අල්ජසීරා, ස්කයි නිවුස් හා බ්ලූම්බර්ග් යන මාධ්‍ය ආයතනවලට අපිට ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 500ක් විතරයි. අනුමැතිය සඳහා මෙම විස්තර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. මෙම හිඟ මුදල් ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදල්වලින් ගෙවීමට නියමිතයි“ ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ජානක සුගතදාස මහතාට අනුව පසුගිය රජය මෙම ගිවිසුම් අත්සන් කර ඇත. මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතියේ සම්පුර්ණ වියදම රුපියල් මිලියන 700ක් පමණ වන අතර ඉන් රුපියල් මිලියන 200ක් පමණ පසුගිය රජයේ හිටපු නිලධාරීන් විසින් ගෙවා දමනු ලැබ ඇත. 
ඊට අමතරව ප්‍රවර්ධන වැඩසටහන් හා අනුග්‍රාහක වැඩසටහන් සඳහා භාවිත කළ ශ්‍රී ලංකා ප්‍රවර්ධන අධිකාරියේ නොගෙවු ණය මිලියන 600ක් පමණ ඇති බවද සුගතදාස මහතා කීවේය.

“මෙම ව්‍යාපෘතිවල අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා.මෙහි ස්වභාවය පැහැදිලි නැහැ. නීත්‍යානුකූලභාවයේ ගැටළු තියෙනවා. ඔවුන් නීත්‍යානූකූලව ගිවිසුම් අත්සන් කර ඇත්දැයි ප්‍රශ්නයක්. ඒ වගේම නිසි අනුමැතියක් ලැබුණාදැයි ගැටළුවක් පවතිනවා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇත්ද යන්න ප්‍රශ්න තියෙනවා. මේවා ගොඩක් මෙරට සමාගම්. නමුත් විදේශ සමාගම් කිහිපයක් ද තියෙනවා.“ඔහු කීවේය.

මෙම විකාශන ආයතන ඉදිරි ප්‍රවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමට එකඟ වූ බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තහවුරු කළේය.

“මෙතන තියෙන ප්‍රශ්නය පසුගිය රජය විශාල ප්‍රවර්ධන ව්‍යාපාර සඳහා ණය ලබාගෙන ඒවා නොගෙවා තිබීමයි. දැන් අපිට අපේ ප්‍රචාරණ කටයුතු මෙම ආයතන මගින් කරගැනීමට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා“

“මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ලේකම්වරයා කැබිනට් පත්‍රයක් සකස් කළා. කෙසේනමුත් එම ආයතන දැන් කැමති වෙලා තියෙනවා අපේ ප්‍රචාරණ කටයුතු ඉදිරියටත් කරන්න. තව මාසෙකින් අපිට අපේ ප්‍රචාරණ කටයුතු යථා තත්ත්වයට ගන්න පුළුවන් වෙයි“ ඒ මහතා කීවේය. 

අමාත්‍යවරයා පැවසුවේ පසුගිය රජය විසින් කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරය නිසා සංචාරකයින් මෙරටට පැමිණීම මත යහපත් බලපෑමක් ඇති වූ බවයි.



අදහස් (5)

සංචාරක මණ්ඩලයේ ණය රුපියල් බිලියනය ඉක්මවයි

buddika Friday, 21 April 2017 05:31 PM

සංචාරක මණ්ඩලයත් ණයයිද අප්පා, මොන පාලකයෝද ඉන්නේ මේ රටේ

:       0       0

nira Saturday, 22 April 2017 12:04 AM

එතකොට ඇමතිතුමා කියන්නේ පසුගිය ආණ්ඩුව වැරදියි කියලද? .. කරන්න බැරි නම් වෙන කෙනෙකුට දෙන්න කියවන්නේ නැතුව...

:       0       3

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 22 April 2017 12:53 AM

රුපියල් මිලියන ගණනක් ගෙවලා ගත්ත ප්‍රවර්ධන ව්‍යාපෘතියෙන් කවුද දන්නේ නෑ වර්ධනය වූනේ...?

:       0       0

Pushpa Saturday, 22 April 2017 05:14 AM

හොරකම් වෙලා නම් දඬුවම් දිය යුතුමයි. නමුත් මේ කරලා තියෙන්නේ නරක වැඩක් නොවේ. හොඳ මාර්කටින් නැතුව පුටු රත් කර කර සිට නම් සංචාරක ව්‍යාපාර වැඩි දිවුණු කල නොහැක.

:       0       6

menna Saturday, 22 April 2017 07:10 AM

ක්‍රිකට් වගේ සංචාරක කර්මාන්තයත් සූදුවක් වෙලා වගේ. බය වෙන්න එපා... වැඩිකල් යන්න කලින් විකුණන් කන්න තරම් සංචාරක කර්මාන්තයක් ඉතිරිවෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය වැඩි දියුණුවෙන්නේ පුරාවිද්‍යාවයි, මිනිසුන්ගේ ආකල්පයි මත. හැමෝම හදන්නේ සල්ලි ටිකක් හොයාගෙන තමන්ගේ දරුවන්ව පිටරට ගෙනිහිල්ල උගන්නවන්න හරි... පොඩි කලේ ඉඳන්ම අන්තර්ජාතික පාසලකට යවන්න හරි... දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවල දේවල් මිසක ලංකාවට අවශ්‍ය දේවල් නෙවේ. දරුවා ඉගෙන ගන්නේ තවත් කෙනෙක්ගෙන් අඩුවට අරගෙන ගාණක් තියාගෙන අනෙක් එකට විකුණන එක. කිසිම නිර්මාණයක් නැහැ. පිටරට හොඳයි කියල කියන දේ ලංකාවට හරියනවද? නැද්ද? කියල හොයල බලන්නේ නැතිව ගෙන්නන්න වලේ ගෙන්නලා මුළු රටම විනාශ කරනවා. කුණු ටිකවත් කළමනාකරණය කර ගන්න දන්නේ නැති රටක් කොහෙද? සංචාරක ව්‍යාපාරයක් හරියට කරන්නේ. කරන්න දන්නේ සූදුවක් තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site