IMG-LOGO

සචින් ශ‍්‍රී ලංකා කණිෂ්ඨ ගොල්ෆ් ශූරතාව දිනාගනී

පහර 233 කින් තරග වට 3 නිමා කළ සචින් ද සිල්වා ශ‍්‍රී ලංකා කණිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය. පහර 244 කින් තරග වට තුන අවසන් කළ එම්. ඒ. චලිත පුෂ්පික එහි අනුශූරතාවට හිමිකම් කීවේය.
රන් කාණ්ඩයේ ශුරතාව සහ තරගාවලියේ සමස්ත ශූරතාව හිමිකරගැනීමට සමත්වූ සචින් ද සිල්වා පහර 78, 73, 82 වශයෙන් තරග වට 3 නිමා කළේය. චලිත පුෂ්පික පිළිවෙලින් පහර 84, 80 සහ 80 වශයෙන් තරග වට තුන නිමා කළේය.
තරගාවලිය 19, 20 සහ 21 දිනයන්හීදී කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේ පැවත්විණ. මෙම තරගාවලිය රන්, රිදී, ලෝකඩ ලෙස කාණ්ඩ 3ක් යටතේ පැවැත්වුන අතර ඒක් එක් කාණ්ඩ සදහා වෙන වෙනම ත්‍යාග පිරිනමනු ලැබිණ.
තරගාවලියේ රන් කාණ්ඩය අවුරුදු 15ත් 17ත් අතර වයස් කාණ්ඩ වල ක‍්‍රීඩකයින් සදහාඳ, රිදී සහ ලෝකඩ කාණ්ඩ පිළිවෙලින් අවුරුදු 11ත් 14ත් අතර වයස් කාණ්ඩ වල සහ 10ත් 10න් පහළ වයස් කාණ්ඩ වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සදහාඳ විවෘත විය.
ලකුණු 92ක් ලබා ගනිමින් නයිජල් ප‍්‍රනාන්දු ලෝකඩ කාණ්ඩයේ ශූරතාව දිනාගද්දී මුලූ ලකුණු 225ක් ලබා ගත් ප‍්‍රශාන් පීරීස් රිදී කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේය.

ශ‍්‍රී ලංකා කණිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලියේ ප‍්‍රතිඵල
සමස්ත ශූරතාව
සචින් ද සිල්වා                      . 78  73  82 = 233
එම්. ඒ. චලිත පුෂ්පික             . 84  80  8-0 = 244

ලෝකඩ කාණ්ඩය (අවු.10  සහ අවු 10න් පහළ)
1 . නයිජල් ප‍්‍රනාන්දු                  . 45  47 = 92
2 . එස්. ඞී. එම්. හිරුශාන්        . 47  51 = 98
3 . කිරන් මුතුක‍්‍රිෂ්ණන්          . 56  50 = 106

රීදී කාණ්ඩය (අවු.11 සහ අවු.14)
1 . ප‍්‍රශාන් පීරීස්                     . 76  77  72 = 225
2 . ඉශිර ප‍්‍රනාන්දු                  . 83  83  82 = 248
3 . ජී. ධනරන්ජන්                . 94  95  92 = 281

රන් කාණ්ඩය (අවු.15 . අවු.17)
1 . සචින් ද සිල්වා                 . 78  73  82 = 233
2 . එම්. ඒ. චලිත පුෂ්පික       . 84  80  8-0 = 244
3 . ආර්. එල්. ඉලෙයිරාජා     . 87  94  89 = 27-0



අදහස් (0)

සචින් ශ‍්‍රී ලංකා කණිෂ්ඨ ගොල්ෆ් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site