
(කාංචන කුමාර ආරියදාස)
සීගිරි හෝටලයකින් මුදා හරින අපද්‍රව්‍ය සීගිරි අභය භූමියට මුදා හළ බව කියන සිගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සහකාර කළමනාකාරවරයකු, ඉන්ජිනේරුවරයකු සහ උද්‍යාන පාලකවරයකු අත්අඩංගුවට ගත්බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති.
සීගිරියේ අභය භූමියේ වන සතුන්ට හානි කිරීම, අපද්‍රව්‍ය අභූමියට මුදා හැරීම, සිගිරි පව්ව ඉදිරිපිට ඇති සුන්දර වැවට අසූචි මිශ්‍ර ජලය මුසු කිරීම , අසුචි පිරවූ බෑග් යොදාගෙන වන සතුන් දඩයක් කිරීම ආදී බරපතල පරිසර දූෂණයක් සිදු කළ බවට සැකපිට එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක්මත වන ජීවී නිලධාරීන් සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු දෙපාර්තමේන්තු සේවකයන් පනස් දෙනකු පමණ යොදවා ගෙන අද දහවල් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානි වනජීවී අඩවි ආරක්ෂක එස්.එස් මලින්ත මහතා පියවර ගත්තේය.
හෝටලය පිටුප සීගිරිය අභය භූමියට අයත් වනාන්තරය අභය භුමිය පරීක්ෂාවට ලක් කළ අතර එහිදී අභයභූමිය තුළට හෝටලයෙන් ඉවතලන සෑම අපද්‍රව්‍යයක් ම යොදවා ඇති අයුරුත් ඒවා වන සතුන් වන අලින් ආහාරයට ගෙන ඇති ආකාරයත් නිරීක්ෂණය වු බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටලය පිටුපස සීගිරිය අභය භූමියට අයත් වනාන්තරය, අභයභූමිය තුළට හෝටලයෙන් ඉවතලන සෑම අපද්‍රව්‍යයක්ම යොදවා වනසතුන් දඩයම් කිරීම සහ එම සතුන්ගේ මාංශ හෝටලයේ අලෙවි කිරීම සිදුවන්නේට ඇත. හෝටලයේ හිමිකරුවන් නොදැන මෙවැනි කටයුතු සිදුවන්නේ නැත. නැවත මෙවැනි නීති විරෝධී කටයුතු නොකිරීමට හෝටලයේ හිමිකරුවනට ඉහළම මූල්‍යමය දඩයක් සහ මෙම සිදුවීම සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරින් වෙත මෙම තොරතුර ලබාදුන් පුද්ගලයාටද ත්‍යාගයක් ලබාදීම සුදුසුවේ... හෝටලයේ ඉතිරිවන අපද්‍රව්‍ය නිසි කළමනාකරණයක් නොකිරීම සහ අපද්‍රවය නගර සභාව මගින් ඉවත් නොකිරීමද ගැටලුවකි. නගර සභාවට මුදල් ගෙවා එම කසල අපද්‍රව්‍ය ඉවත් කරගැනීමට සහ කසල කළමනාකරණ මධ්‍යස්ථානයක් වෙත යැවීමට හෝටලයේ හිමිකරුවන් කටයුතු කළයුතු වේ...
මුන් ජීවත් වෙන්නේ කැලේ නිසා,කැලේ ඉන්න සත්තු නිසා කිසිම සමාවක් නැතිව හෝටලේ වහල දාන්න සහ මේ අපද්‍රව්‍ය උන්ගේ ගෙවල් වලට ම ගිහින් දාන්න , කෝටියක විතර දඩයක් ගහන්න ලංකාවේ උන්ට නොමිලේ අධ්‍යාපනය දුන්නට වැඩක් නැහැ කියන්නේ මේ නිසා, නියම ආත්මාර්ථකාමී කුහක යෝ.
දැන්වත් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කසල වෙන්කිරීම අනිවාර්යය කරන්න.ප්‍රාදේශීය සභා, නගර සභා වලට උන්ට තවම මේ ව කරගන්න බැරි මොකද අප්පා ? ජපානේ වගේ රටවල, බීම බෝතල්, භාජන හෝදලා තමයි මලුවල දාල කුණු එකතු කරන අයට දෙන්නේ. හරියට වෙන් කරා නම්, කෑම , දවස් 2-3කින් දිරල යනවා.