IMG-LOGO

සංගක්කාර ලකුණු 10,000 සමාජය අබියස

ටෙස්ට් පිතිකරුවන් අතරේ විශිෂ්ටයන්ගේ කුලකය හෙවත් ටෙස්ට් ලකුණු 10,000 ඉක්මවූවන්ගේ සමාජය ඇතුළත් වීම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරට තවත් ලකුණු 40 ක් අවශ්‍යව තිබේ. මේ වන විට ටෙස්ට් ලකුණු 9960 ක් ලබා සිටින සංගක්කාර අපේක්‍ෂා කරන්නේ ලබන 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී එම ඉලක්කය කරා යා හැකි බවයි.
වසර 135 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ලකුණු 10,000 ක් ලබා ඇත්තේ පිතිකරුවන් 10 දෙනකු පමණක් වන අතර මෙතෙක් මෙම කඩුල්ල පැනීමට සමත් වූ එකම ශී‍්‍ර ලාංකික පිතිරුවා වන්නේ මහේල ජයවර්ධනයි.
”ටෙස්ට් ලකුණු 10,000 ක් කියන්නේ සෙසු පිතිකරුවන් සහ තරමක් මතකයේ රැුඳෙන පිතිකරුවන් වෙන්කෙරෙන සීමාව වගේ දෙයක්. ඒ වගේ ඉසව්වකට ආසන්න වීමත්, එතැනින් ඔබ්බට යන්න ලැබීමත් ඉතාමත් සතුටුදායක දෙයක්” යයි සංගක්කාර මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
ටෙස්ට් තරග 114 කදී ශතක 30 ක් සමගින් ලකුණු 9960 ක් ලබා සිටින සංගක්කාරගේ ඉනිමක ලකුණු රැුස්කිරීමේ සාමාන්‍යය 55.64 කි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී වසරේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයද සමගින් තවත් අන්තර්ජාතික සම්මාන දෙකක් හිමිකරගත් සංගක්කාර, දෙවැනි ටෙස්ට් තරගයේදී මෙල්බර්න් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගෙන් තමන්ට හොඳ සහයෝගයක් ලැබෙනු ඇතැයිද අපේක්‍ෂා කරයි.
”මෙල්බර්න් වගේම සිඞ්නි නුවරත් අපට ගෙදර වගේ”
”මවු බිමෙන් පිටතදී ඒ වගේ විශාල ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් දැක්කාම එය කී‍්‍රඩකයන්ගේ ආත්ම ශක්තිය වැඩි කිරීමට හේතුවක් වෙනවා”
”ඒත් ඒ එක්කම, ඒ තත්ත්වයෙන් උද්දාමයට පත්වී අමාරුවේ නොවැටීමටත් අප පරෙස්සම් වීමත් කළයුතු වෙනවා” යයිද සංගක්කාර පැවසීය.



අදහස් (0)

සංගක්කාර ලකුණු 10,000 සමාජය අබියස

ශකිල Tuesday, 25 December 2012 11:11 PM

10000 ලබා ගැනීමට සුභ පැතුම්.!(නු)

:       0       0

සුසන්ත Tuesday, 25 December 2012 11:27 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

සමීර Tuesday, 25 December 2012 11:31 PM

ඔබ අපට වීරයෙකි.. සුභ පැතුම්..!(නු)

:       0       0

නාලක මැලේසියා සිට Tuesday, 25 December 2012 11:31 PM

ඔබ අපට වීරයෙකි... තව රැදී සිටින්න..(නු)

:       0       0

නාලක Tuesday, 25 December 2012 11:27 PM

ඔබ අපිට වීර වරයෙක්, තව රැදි සිටින්න (ස)

:       0       0

හේරත් Tuesday, 25 December 2012 01:40 PM

මගෙන් පැතුම් . ඔබත් දිනුම් අපිත් දිනුම් (ස)

:       0       0

සිල්වා Monday, 24 December 2012 12:25 PM

සංගා ඔබ කොහොමත් අති දක්ෂයි. සුබ පැතුම් (ස)

:       0       0

සහිරාස් Monday, 24 December 2012 12:56 PM

අපේ වීරයන්ට සුබ පැතුම් (ස)

:       0       0

බණ්ඩාර Monday, 24 December 2012 01:21 PM

ක්‍රිකට් ඉතිහාසයේ අපේ වීරයා ඔබයි. (නි)

:       0       0

තත්සරණි Monday, 24 December 2012 08:19 PM

කුමා අයියේ, ඔයා තමයි අපේ එකම වීරයා.ඒ තැන ගන්න වෙන කාටවත් කවදාවත් පුලුවන් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

තත්සරණි Monday, 24 December 2012 08:28 PM

අයියා, ඔයාට මම හදවතින්ම සුභ පතනවා. ඔයා තමයි අපේ වීරයා. (නි)

:       0       0

ධනංජය Monday, 24 December 2012 08:44 PM

ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. සුභ පැතුම්! (නි)

:       0       0

කමල් Monday, 24 December 2012 02:34 PM

ඔබයි මගේ වීරයා , ඔබට සුබ පැතුම් (ස)

:       0       0

බාලචන්ද්‍රන් Monday, 24 December 2012 03:33 PM

සුබ පැතුම් සංගා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site