IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සංගක්කාර ජනප‍්‍රියම - වසරේ ක‍්‍රීඩක සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන දිනයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී (2012) ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රධානතම සම්මාන දෙක වන ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ යන සම්මාන දෙකම හිමිකර ගත්තේය. ‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල අද (05) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එක ස්ථානයේ සිටින සංගක්කාර මෙම සම්මාන දෙකට අමතරව වසරේ ටෙස්ට් පිතිකරු ලෙස ද සම්මාන ලැබීය. රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකර ගත්තේය. මහේල ජයවර්ධන වසරේ එක්දින පිතිකරු ලෙස ද, ලසිත් මාලිංග වසරේ එක්දින පන්දු යවන්නා ලෙස ද, තිලකරත්න ඩිල්ෂාන් වසරේ දක්‍ෂතම එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ. යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන වසරේ දක්‍ෂතම තුන් ඉදිරියව් ක‍්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය. සියැට් කැළණි හෝල්ඩින් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ටන්මේ අගර්වාර් මහතා විසින් කුමාර් සංගක්කාරට ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සම්මාන පිරිනමන ලද අවස්ථාව. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මෙහි සිටියි.



අදහස් (0)

සංගක්කාර ජනප‍්‍රියම - වසරේ ක‍්‍රීඩක සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන දිනයි

තත්සරණි Thursday, 06 September 2012 08:47 PM

කුමා, ඔයා තමයි අපේ හිත් වල හැමදාම හිටපු වීරයා. (නි)

:       0       0

ඉන්දිකා Thursday, 06 September 2012 02:27 PM

මගේ උණුසුම් සුභ පැතුම්.. සංගා...!(නු)

:       0       0

රුවන් Thursday, 06 September 2012 08:53 PM

ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔබේ මහත්මා ගති ගැන ආඩම්බරයි. (නි)

:       0       0

ගෙහාන් Thursday, 06 September 2012 09:17 AM

ඔබට සුභ පැතුම් ජයම වේවා.සංගා..(නු)

:       0       0

බාලචන්ද්‍රන් Thursday, 06 September 2012 02:55 PM

සුභ පැතුම් සංගා . දෙවි පිහිටයි..(ස)

:       0       0

අසංක Thursday, 06 September 2012 03:19 PM

ක්‍රිකට් ක්‍රීඩාව බබළන්නේ ඔබ වැනි මහත්මාවරු තවම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාවෙනි. මම ඔබට ගරු කරමි. (ස)

:       0       0

අසංක Thursday, 06 September 2012 03:17 PM

ක්‍රිකට් ක්‍රීඩාව බැබළෙන්නේ ඔබ වැනි මහත්මාවරු තවම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාවෙනි. මම ඔබට ගරු කරමි. (නි)

:       0       0

බුද්ධික Thursday, 06 September 2012 09:50 AM

නිහතමානීකම ජයග්‍රහණයේ අඩිතාලමයි (නි)

:       0       0

කුමාර Thursday, 06 September 2012 09:52 AM

සංගා ඔයාට හඳපිරි උණුසුම් සුභ පැතුම් . ඔබ තව බොහෝ කලක් අපේ ටීම් එකේ ඉන්න ඕන..බුදු සරණයි.....(ස)

:       0       0

මුස්නි Thursday, 06 September 2012 09:49 PM

සුභ පැතුම් සංගා. (නි)

:       0       0

ප්‍රසංග Thursday, 06 September 2012 09:57 PM

විශිෂ්ටයි. (නි)

:       0       0

පියුමි Thursday, 06 September 2012 09:52 AM

මගේ සුභ පැතුම් සංගා...(ස)

:       0       0

ගිහාන් Saturday, 08 September 2012 01:09 PM

දක්ෂකම් හොදට පෙන්නුවා ඔබ. ඔබට ජය වේවා (දී)

:       0       0

ජගත් Thursday, 06 September 2012 04:10 PM

සුභ පැතුම් ..! (ස)

:       0       0

ලලිත් Thursday, 06 September 2012 10:05 AM

ක්‍රිකට් ක්‍රීඩාව බබළන්නේ ඔබ වැනි මහත්මාවරු තවම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාවෙනි. මම ඔබට ගරු කරමි. ඔබ ක්‍රිකට් තරු අතර දිදුලන දොළොස්මහේ පහනයි.(ස)

:       0       0

ප්‍රදීප් කුමාර Thursday, 06 September 2012 10:13 AM

හුගකාලෙකට පස්සේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවා..! හරි සතුටුයි..!! මේ ක්‍රමය දිගටම තිබ්බොත් අපේ ක්‍රිකට් කණ්ඩායමම අංක එක වේවි..!(නු)

:       0       0

ලියනගේ Thursday, 06 September 2012 10:09 AM

නියමයි. ඔහොම යන් සංගා (ස)

:       0       0

නිරාන් Thursday, 06 September 2012 10:23 AM

මගේ සුභ පැතුම්. (ස)

:       0       0

දමින්ද Thursday, 06 September 2012 10:37 AM

ශ්‍රී ලංකා පිලේ කොදු නාරටිය නුඹයි..ජය වේවා ! (ස)

:       0       0

ලසන්ත Thursday, 06 September 2012 11:13 AM

සුදුස්සන්ට සුදුසු සම්මාන ලැබිලා තියෙනවා..!(නු)

:       0       0

සුරංජිත් Thursday, 06 September 2012 11:14 AM

ඔබ තමයි අපේ වීරයා.. විස්සයි විස්ස ලොකකුසලානය අපිට දිනලා දෙන්න වාසනාව ලැබේවා..!! තවතවත් ඔබගේ දක්ෂතාවයන් වැඩි දියුණුවී අපිට ජයග්‍රහණ ලැබේවා..!!(නු)

:       0       0

මංගල Thursday, 06 September 2012 01:06 AM

ඔබ සැබෑ වීරයෙක් වගේම නිහතමානී නායකයෙක්. මගේ හදපිරි සුභ පැතුම්! (නි)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 02:07 AM

ඉන්දියාවෙන් තව සල්ලි ලැබෙන්න ඇති නේද ? (ස)

:       0       0

අසේල Thursday, 06 September 2012 11:52 AM

සංගා ඇරෙන්න මේ සම්මාන 3 ම දෙන්න සුදුසුම කෙනා සංගා තමයි....නියමයි සංගා , විශිෂ්ඨයි ඔබ (ස)

:       0       0

මනෝජ් Friday, 07 September 2012 02:44 AM

ඉන්දියන් කණ්ඩායම වැඩියෙන්ම බය සංගාට. (නි)

:       0       0

සඳමාල් Thursday, 06 September 2012 02:48 AM

සංගාට සුභ පතනවා...ඒ වගේම මහේල ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාටම 20/20 කුසලානය දිනන්නට සුභ පතනවා (ස)

:       0       0

දිනේෂ් Thursday, 06 September 2012 11:55 AM

අපේ උත්තමාචාරය.. සංගා...!!(නු)

:       0       0

මේනක Thursday, 06 September 2012 12:00 PM

ඔබට සුභ පැතුම්! නියමයි. ඔහොම යන් සංගා.....(ස)

:       0       0

සුරංග Thursday, 06 September 2012 03:54 AM

රට ගැන හිතන කොල්ලෙක් (නි)

:       0       0

මහින්ද Thursday, 06 September 2012 05:02 AM

ඔබයි නියම මිනිසා. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 06 September 2012 12:12 PM

ඔබට සුභ පැතුම් , ඔබ තමයි හොඳම ක්‍රීඩකයා....(ස)

:       0       0

සුනිල් ගාල්ලගේ Thursday, 06 September 2012 06:17 PM

කරගෙන යන්න සංගා.. සුභ පැතුම්..!!(නු)

:       0       0

ප්‍රියන්ත Thursday, 06 September 2012 06:37 PM

සුභ පැතුම්..!!(නු)

:       0       0

ජගත් Thursday, 06 September 2012 12:35 PM

සංගා ඔබ සැබෑ වීරයෙක් ...සුභ පැතුම්...!! (ස)

:       0       0

සනත් ඉන්දික Thursday, 06 September 2012 06:54 PM

ඩිල්ෂාන්ගේ සම්මානේ ගැනනම් මටත් සැකයක් තියනවා සම්පත්. (නි)

:       0       0

චන්දුසිරි Thursday, 06 September 2012 01:14 PM

සංගා ඔබට මේ සම්මානය ලැබෙන තුරු මම බලා සිටියෙමි.. අපි ට දැං අපේ යුතුකම ඉටුකළා වගේ දැණෙනවා..!(නු)

:       0       0

සම්පත් Thursday, 06 September 2012 01:21 PM

දිල්ශාන් ගිය වසරටම ඕවර විසිපහක්වත් දාන්නේ නැතිව කොහොමද මෙහෙම උනේ..!(නු)

:       0       0

උදයංග Thursday, 06 September 2012 01:16 PM

ඔබ ගැන තියෙන ලෙංගතුකම කියන්න වචන නැහැ.. ඔබට සුභ පැතුම්..!!(නු)

:       0       0

මිගාර Thursday, 06 September 2012 01:18 PM

සංගා 2015 වෙනකල්ම අපේ කණ්ඩායමේ නායකයා වෙලා හිටියනම් මේ වගේ පසුබෑමක් එන එකක් නෑ.ලෝක කුසලානය කාලේ අපේ කණ්ඩායමේ ශක්තිය මතකයි අපිට...(නු)

:       0       0

සුමින්ද Thursday, 06 September 2012 01:25 PM

සංගා ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

යොහාන් Thursday, 06 September 2012 08:12 AM

මේ 15 ස් වෙනිදට ඔයාට තව දේවල් ලැබෙයි සංගා..(ස)

:       0       0

වරුණ Thursday, 06 September 2012 08:12 AM

සනත්ට පසු බිහි වූ තරඟ දිනවන්නා ඔබයි ! ඔබට තවත් ශක්තිය ලැබේවා (ස)

:       0       0

අනුරුද්ධ Thursday, 06 September 2012 08:31 AM

නියමයි සංගා...ඔබට සදා ජයම වේවා...(ස)

:       0       0

නලින්ද Thursday, 06 September 2012 01:38 PM

ඔයා තමයි නියම මිනිහා, සංගා. (නි)

:       0       0

ජගත් Thursday, 06 September 2012 08:47 AM

සංගා, ආයිත් අයි.පී.එල්. වලට යන්න එපා. (නි)

:       0       0

සිසිර Thursday, 06 September 2012 08:47 AM

සුභ පැතුම් සංගා..(ස)

:       0       0

දිනේෂ් Thursday, 06 September 2012 01:53 PM

සංගා, ඔබට සැමදා ජය නියතයි. (නි)

:       0       0

ගයි Tuesday, 11 September 2012 08:52 AM

ඉදිරියටම යන්න සංගා. (නි)

:       0       0

සමරනායක. Thursday, 06 September 2012 08:48 AM

මගේ හදපිරි සුබ පැතුම් ඔබේ ජයග්‍රහණයන්ගේ අඩිතාලම නිහතමානිකමයි . එය තවදුරටත් රැකගනිමින් ඉදිරියට යන්න. දළදා සමිදු පිහිටයි .(ස)

:       0       0

පෙරේරා Tuesday, 11 September 2012 08:59 AM

නියමයි සංගා. (නි)

:       0       0

තත්සරණී Thursday, 06 September 2012 08:22 PM

කුමා අයියේ ඔබයි අපේ හිත්වල හාමදාම වීරයා.. ඒ තැන කාටවත් ගන්න බැහැ.. සංගා ඔබේ කැපවීමට අපගේ උත්තමාචාරය.. මං හිතුවා ඔබට මේ සම්මානය ලැබේවි කියලා.. බුදුසරණයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site