
(අංජුල මහික වීරරත්න)
මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා ඇතැම් ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිල දී ගැනීම අඩු කර කූලී පදනම මත ලබාගනිමින් සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබන වසරේ සිට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
එය ඉතා පහසු කාලෝචිත ක්‍රමවේදයක් බව ලේකම්වරයා කීය.
වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම ගිය සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහල පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පළමුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වයි.එම්.එම් ප්‍රියංගණී මහත්මිය ඇතුළු රෝහලේ පාලනාධිකාරිය සමග රෝහල් සංවර්ධනයට අදාළ කරුණු සාකච්ඡා කළේය.
අනතුරුව විශේෂඥ, වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය සමග රෝහලේ දැනට පවතින ගැටළු පිළිබඳව සහ සේවක අදහස් හා යෝජනා විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය සේවයේ වියදම් අඩු කරන හැටි සුව ලේකම් කියයි
Suga Friday, 22 August 2025 02:09 PM
කුලියට ගන්නේ කාගෙන්ද? ඔයාගේ නැදෑයෙක්ගෙන්ද එහෙම නැත්නම් මිතුරෙක්ගෙන්ද? ඒක කිව්වොත් නේද හොඳ?
PGPTHILAK Friday, 22 August 2025 03:52 PM
දොස්තරලාගේ නර්ස්ලාගේ ලක්ෂ ගණන් පඩි දීමනා බොරු ඕටී මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ! රටට ආදරේ කරන හැමෝම සාමාන්‍ය වැටුපකට වැඩ කරන්න සූදානම් විය යුතුයි! බැරි අය කැමැති තැනක් ගියාට කමක් නෑ! දූෂිත වෘත්තීය සමිති මාපියාව සමග අත්වැල් බැඳගත් බලලෝභී දේසපාලුවන් තව තවත් අමන විදියට මේ රට පඩි උගූල හරහා ණය උගුලක හිර කරනවා! මින් ජවිපෙටත් අදාලයි!