
බංග්ලාදේශය අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි තිබූ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සාරි, ගමන් මලු, චිත්‍ර ආදිය සොරාගෙන ඇති බවත් හසීනාගේ දේශපාලන කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.
එසේම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට සෙල්ෆි ඡායාරූප ගසා ඇති බවත් තරුණයන් තිදෙනකු ෂෙයික් හසීනා නිදාගත් ඇඳේ සිට ගෙන ඇති ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල ලෙස සංසරණය වන බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.
එසේම විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවසේ භාණ්ඩ සොරාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව බංග්ලාදේශ මාධ්‍ය ප්‍රකාශ කළේය.
අවාමි ලීගයේ ප්‍රධාන පක්ෂ මුලස්ථානයට විරෝධතාකරුවන් ගිනිතබා ඇති බවත් අවාමි ලීගයේ මහලේකම්වරයකුට අයත් හෝටලයක් ගිනි තැබීමට යාමේදී 8 දෙනකු පිළිස්සී මියගොස් තවත් 84 දෙනකු තුවාල ලබා ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.
එසේම අවාමි ලීගයේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිනි තබමින් විරෝධතාකරුවන් විශාල හානියක් කර ඇති බවද එරට මාධ්‍ය සඳහන් කළේය.
එසේම අගවිනිසුරුගේ නිවසට විරෝධතාකරුවන් හානි කර ඇති බවත් නැවත දැනුම් තුරු බංග්ලාදේශයේ අධිකරණ සියල්ල වසා දමා ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය. නමුත් අත්‍යාවශ්‍යම නඩු ඇසීම විභාගයට ගනු ඇති බවද එරට මාධ්‍ය පැවැසුවේය.
විරෝධතාකරුවන් ඉන් නොනැවතී බංග්ලාදේශ පාර්ලිමේන්තුවද අත්පත් කරගෙන ඇති බවත් ඔවුන් එහි දේපළ වලටද විශාල හානියක් කර ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවට අත්පත් කරගත් විරෝධතාකරුවන් මන්ත්‍රීවරුන්ගේ ආසනවල ඉඳගනිමින් සෙල්ෆි ගසා ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.
අන්තර්වාර රජයක් පිහිටුවන තෙක් බංග්ලාදේශයේ පාලනය හමුදාව සතු වනු ඇති බවද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.
එලෙස බංග්ලාදේශය ගිනි ගනිද්දී ෂෙයික් හසීනා ඉන්දියාවේ ගාසියාබාද් හින්දොන් ගුවන් හමුදා කඳවුරේදී ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශ අජිත් දොවාල් සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් මුණගැසී ඇතැයි බංගලාදේශ මාධ්‍ය සඳහන් කළේය.


COMMENTS
මේවා නම් ඉතින් ලංකාවෙන් උගත් පාඩම්
මේ පෙනෙන්නේ බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවරවී හමුදා පාලනයකට යන ලකුණු.
දුෂීත පාලකයොන්ගේ නිවාස දිහා බලන්න කොච්චර නම් හොරා කාලද, ලංකාවේ වුනත් වෙනසක් නෑ.
විනයක් නැති මිනිසුන් තමන්ගේ දෙවල්ම විනාශ කරගන්නවා. අපේ රටේ වුණෙත් ඒකමයි.
අපේ රටේ වගේම තමයි නේද? අන්තිමට වෙච්චි දෙයක් නෑ. අපේ වගේම අර ගොන් සෙට් එකක් තමයි පේන්නේ නැද්ද?
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මිය යමින් පැවතීම මහත් කනගාටුවට කරුණකි. ප්‍රතිවාදියාගේ ගෙවල් ගිනි තියමින් මංකොල්ල කමින් මේ කරන විකාරයේ විපාක ලංකාවටත්, බංග්ලාදේශයටත් කවදා හෝ අත්විඳින්නට සිදු වෙනු ඇත. යුක්‍රේනය අරාබි වසන්තයත් සමඟ මේ විකාරය ආරම්භ කල රටකි. අද ඔවුන් කොල්ලන් ලක්ශ 6ක් සමඟ ඩොලර් බිලියන 400කට වඩා දේපල විනාශ කරගෙන ඇත. තවත් වසර 100කට වත් නැගිටීමක් නම් පේන තෙක් මානයක නොමැත. මේ රටවල් වල උන් මතක තියා ගත යුතු ප්‍රධාන කරුණක් ඇත. ඒ දියුණු වීමට ශෝට් කට් නොමැති බවයි.
මේකත් ලංකාවේ අරගලයට ඉතාම සමානයි. දූෂිත පාලකයන්ට කල යුතු දේ කර තේරෙන බාසාවෙන් කියලා දෙන්න බංග්ලාදේශයේ අරගල කරුවනුත් පසුබට වෙලා නැහැ. මේ ක්‍රමය ලෝකය පුරාම ව්‍යාප්ත වුනොත් පාලකයෝ හොරකම් නතරකර ඉතා හොදින් හැදෙයි. මේක දකින වර්තමාන ලංකාවේ පාලකයන්ටත් නැවත ඒ බයංකාර ගිනි තැබීම්, මර බියේ විවිධ ආකාරයේ පලායාම්, වෙස් මාරුකරගෙන චූටි මරුටියේ ගමන් බිමන් සිහි වෙනවා නොඅනුමානයි. අවසානයේ දී ජනාධිපතිවරණය නොපැවැත්වුවහොත් හෝ වංචා සහගත ලෙස පැවැත්වුවහොත් සිදුවන දේ ගෝඨාභයට සිදුවුණ දේටත් වඩා අති බයංකර වන බව අපේ වර්තමාන පාලකයන්ටත් වැටහෙනු ඇතැයි සිතමි.
දේශපාලන වැරදි කරන අයට මේක හොඳ පාඩමක්.
වර්තමාන ලංකාවේ ගෙම්බන්ට හොඳ පාඩමක් . එයාල ලංකාව ආදර්ශයට ගත්තා වගෙම ලංකාව එයාලව ආදර්ශයට ගනී ද දන්නෑ .
අනවශ්‍ය ජනතා මර්දනය සහ දේශපාලුන් නීතිවිරෝධී දූෂණ වැඩ වල යාදීමේ ප්‍රතිඵල
අඩේ මේ අර අපේ අරගලේ කරපු එවුන්ම නේද ?
අම්මෝ ..මේවා දකිනකොට සර්වාංගෙම වෙව්ලනවා .අයියෝ
මිනිස්සුන්ට අසාධාරණ පීඩනය දරා ගැනීමට බැහැ අන්තිම අවස්ථාව
බලය අයුතු විදිහට පරිහරණය කරන හා අයථා ආකාරයට දේපොල උපයා ගත් රටේ පුරවැසියන් තමන්ගේ යටත්වැසියන් සේ සිතා කටයුතු කරන අහංකාර ඔලමොට්ටළ පාලකයන්ට බංග්ලාදේශය වගේම ශ්‍රිලංකාව ද හොඳ ආදර්ශයක් වනු ඇත.
නිල නිවාසයේ පිහිනුම් තටාකයක් නැද්ද ?
සහෝදරවරු ලංකාවට කරන්නහැදුවෙත් මෙවන් අරාගික සමයක් නිර්මාණය කිරීමයි .නමුත් දේශපාලන බල අධිකාරිය ඊට ඉහලින් ක්‍රියාත්මක වීම තුල ලංකාවට සහනාධාර 'ගිනි මාලිමා 'ගේන්න බැරිඋනා .අනේ මන්දා මොවුන් රෑ ඩැනියල් දවල් මිගෙල් වගේ තමා
මුන් ලන්කාවේ අයගෙන් පුරුදු වෙලා වගේ
ජනතාවට එපා වෙනතුරු බලයෙ ඉන්නව, වයසක සහ නූගත් ජනතාව අල්ලගෙන චන්ද ගරල චන්ද වලින් දිනනව. නමුත් තරුණ කොටස් දන්නව රටේ යථාර්ථය , තමන් සහ අනුගාමිකයන් හැදෙන බවත් ජනතාවට මස් කටු පමණක් විසිකර රවටන බවත් චන්ද චන්ද වලින් මෙම මජර පාලන වෙනස් කල නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැමති සලුවට මුවාවී සියලු නොපනත්කම් සිදු කරන බවත්. මේ එලියට එන්නෙ ඒ කැකෑරෙන වෛරයයි. බොරු සුරංගනා ලෝක මවමින් සැමදා බලයට ඒමට තැත් කරන අපේ සමහරුන්ට මෙය තැතිගැන්මක් වනු ඇත. අපේ රටේ මෙය නැවත වරක් සිදිවනු නැතැයි කිව නොහැක.
ඊගාවට ආයේ අපේ වාරේ
පහුගිය අරගලය කලේ රනිල්ගෙකට්ටයෙක් කියල ඔන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක කියල තිබුන. සමහරු අවංකව සහ සමහරු සමහර අයගේ බලල් අත් බවත් දැන්වත් වටහාගන්න.
මේ අතින් ලංකාවේ මිනිස්සු හොඳයි