
විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් පිටවුණු ෂාරුක් සහ ඔහුගේ පවුලේ අය අහ්මදාබාද් ගුවන්තොටුපොළට ගිය බව අහ්මදාබාද් පොලිසිය පවසයි. ෂාරුක් ඇතුළත් කර සිටියේ කේ.ඩී. රෝහලටය.
ෂාරුක්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් රෝහල කිසිදු ප්‍රකාශයක් කර නැත.
ෂාරුක් හිටිහැටියේ අසනීප වූයේ අයි.පී.එල්. තරගාවලිය අතරතුරේය. ෂාරුක්ගේ කෝලටා නයිට් රයිඩර්ස් අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායමකි.
ගුජරාටයේ අඅයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන්නේ, දැඩි උණුසුම් කාලගුණයක් මධ්‍යයේය. ෂාරුක් අසනීප වන අවස්ථාවේදී, ගුජරාටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.2 සිට 45.9 තෙක් ඉහළ ගොස් තිබුණි.
COMMENTS
හරි ප්‍රශ්න තියෙන්නේ අපට... කන්නෙත් නැතිව බලන් හිටියේ මේ පණිවිඩය එනකල්...
සමන්ත විද්‍යාරතන ගොයියා කියයි මේකත් ඝෝඨාභය මහතාගේ අදුරදර්ෂි පාලනය හේතුවෙන් සිදු වුණා කියලා...