(ටී.කේ.ජී.කපිල)
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය බාර නිලධාරීවරයා ද සනාථ කළේය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණු වීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඕමානය , අයර්ලන්තය , ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් පිටිවල සීමිත ඕවර් 50 සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වීමට නියමිතය.
එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ක්‍රිකට් කණ්ඩායම් 06 සමග තරග වැදීමට අවස්ථාව හිමි වේ.
මෙයට සමගාමිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් "A" කණ්ඩායම හොංකොං හි පැවැත්වෙන " නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය " සදහා සහභාගී වීමට ඊයෙ යෙන රාත්‍රී 09.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
871
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බාබවේ සංචාරය