IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ගන්න ගිය දරුවන් බඹර ප්‍රහාරයෙන් රෝහලේ

(අනුරාධපුර උපාලි ආනන්ද)         
හෙට (05) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බෝධිපූජාවක් පැවැති අතරතුර බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සහ දෙමාපියන් 60කට ආසන්න පිරිසක් මීට මඳ වේලාවකට පෙර පදවිය මූලික රෝහලට ඇතුළත් කළ බව පදවිය පොලීසිය කියයි.


මෙලෙස බඹර ප්‍රහාර එල්ල වී ඇත්තේ පදවිය ඒ යාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අද (04) පස්වරුවේ බෝධිපූජාවක් පැවැති අතරතුරය. බඹර ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තත්වයේ පසුවන සිසුන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය මූලික රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව පදවිය මූලික රෝහල සඳහන් කරයි. හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි පදවිය මහසෙන් මහ විදුහලේ සිසු දරුදැරියන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.


බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් බහුතරයකට හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බවද පදවිය මූලික රෝහල වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (19)

ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ගන්න ගිය දරුවන් බඹර ප්‍රහාරයෙන් රෝහලේ

JCN Saturday, 04 August 2018 01:27 PM

ඔය ලැබුණේ ආශිර්වාදය අපූරුවට..! තම හට පිහිට තමන් මය කියලා බුද්ධ දේශනාවෙ ලස්සනට තියෙනවා. මිථ්‍යාව ඔලුවේ තියාගෙන අපේ මිනිස්සු බෝධි පූජා තියනවා විභාග පාස් වෙන්න.

:       1359       1391

GihanSunday, 05 August 2018 01:03 AM

බෝධි පූජාවක් කරාම හිතට දැනෙන සැනසීම දැනිච්ච නැති මිනිස්සුන්ගෙ කථා. කොච්චර පාඩම් කරත් විභාගෙ දවසට එන චකිතය පාලනය කර ගන්න ඒතරම් හොඳ දෙයක් තවත් නෑ. පාඩම් නොකර බෝධිපූජා තියන එකක් නෙමෙනෙ මෙතන වෙලා තියෙන්නෙ. බඹරු කියන්නේ තිරිසන් සත්තුනෙ, බුදුගුණ දැනෙන්නෙ නෑ. ඒත් ධර්මයට අපහාස කරන මෝඩයන් තරම් උන් විස නෑ.

:       201       150

UdithaSunday, 05 August 2018 10:30 AM

තම හට පිහිට තමන්මය කියලා බුද්ධ දේශනාවේ ලස්සනට තියෙනවා කියලා ඔබතුමා දන්නවා.. ඒ වගේම බුදුන් වෙනුවෙන් කරන බෝධි පූජාව මිථ්‍යාවක් විදිහටද ඔබතුමා සලකන්නේ...? ඔබතුමාට වැරදිලා.

:       5       0

ගාමිණී Saturday, 04 August 2018 02:03 PM

මේවාට බෙහෙත් කොහෙද? මේක සංවිධානය කරේ කොහොමද?

:       547       42

ජගත් Saturday, 04 August 2018 05:31 PM

ඉරිදට දහම් පාසල්වත් නොයවා ටියුෂන් යවා විබාගයට කලින් දවසේ ආගම මතක් උන වරදට දෙවියෝ කෝප වි කල වැඩක්ද?

:       1       9

dasunSunday, 05 August 2018 07:11 AM

නැහැ ජගත්. ඉරිදට දහම් පාසල් යන්න බැරිවෙන්න ශිෂ්‍යත්ව විභාගය දාපු අයටයි දෙවියෝ කෝප වෙන්න ඕනෑ.

:       1       0

ගජබා Saturday, 04 August 2018 09:51 PM

මෙම දරුවනට ඉක්මන් සුවය ලැබෙවා!

:       0       8

Kamila Sunday, 05 August 2018 01:40 AM

සෝම හිමියනි අද ඔබ සිටියේනම් කුමක් කියයිද? නිර්මල බුදු දහම පසෙක තිබියදී මිථ්‍යා විශ්වාසයන් වල ගැලී සිටින අයට මෙවැනි සිද්ධීන් දෙස බලා වත් සත්‍ය අවබෝධ නොවේද. අහිංසක දරුවන්ට සිදුවු විපත ගැන අතිශයින් කණගාටු වන නමුත් දරුවෙකුට තම උත්සාහයෙන් මිස ආශිර්වාද කළ පෑනකින් ලිවීමෙන් විභාග සමත් විය හැකිද. බුදුන් වහන්සේගේ දේශනා වල එවැන්නක් තිබේද

:       0       23

Chanak Los angeles Sunday, 05 August 2018 01:46 AM

බුදුදහම වැදගත් වෙන්නේ ආධාර වෙන්නේ සත්වයාට දුකෙන් මිදෙන්නට මිස ප්‍රතිහාර පාන්න නම් නොවේ ...හෙට විභාගය නම් දෙමාපියන් කරන්න තිබුනේ දරුවන්වන්ගේ මනසට විවේකයක් ගන්න වේලාසනින් නිදා ගැනීමට සැලැස්වීමයි

:       0       17

සතයපාල Sunday, 05 August 2018 02:36 AM

අද පංසලේ හාමුදුරුවරුත් දේවාලයේ කපුවාගේ ගාටන වැටිලා විභාග ජය හා වෙනත් සෙත් ශාන්තී කර්ම සියල්ල බෝධි පුජා හරහා ලබා දෙන වයාපාරයක නිරත වෙලා ඉන්නේ.

:       0       22

Kumara Sunday, 05 August 2018 02:49 AM

ඉහත අදහස් දාපු අය ලංකාවේ නෙවේද? විමලරත්න කුමාරගමගේ සංහිඳ කවි පන්තිය චුට්ටක් කියවන්න. ළමයි සියලුදෙනාට ඉක්මනනින් නිරෝගී සුව පතමි

:       1       3

Sanath Sunday, 05 August 2018 02:59 AM

මේ විභාගයෙන් බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 10 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් ඥානවන්තම සීයට 10 ක් හෝ 15 ක් තෝරාගෙන ඔවුන්ගෙන් රටේ අනාගත සමෘධිය උදෙසා වැඩි දායකත්වයක් ලබාගැනීමට හැකිවන පරිදි අධ්‍යාපනයට මුල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබාදීමටයි. දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ නම් එයම නොවේ.

:       0       1

rocky Sunday, 05 August 2018 03:02 AM

දරුවාගේ දක්ෂතාවෙන් මිස ගුප්ත විද්‍යා, බෝධිපූජා යන්තර මන්තර ආදියෙන් විභාග සමත් වෙන්නට බැරි බව මේ මොට්ට මෝල් දෙමවුපියන්ට දැන් වත් අවබෝධ වේවා! සාධු ! සාධු! සාආධු!

:       0       32

Nuwan Sunday, 05 August 2018 03:15 AM

ආරක්ෂාවට තියාගෙන හිටපු පිස්තොලේ පත්තු වෙලා තුවාලවුන පළමු අවස්ථාව නොවේ.

:       0       0

Indrajith Sunday, 05 August 2018 03:54 AM

කෝ අනේ දෙවියෝ!!!!!!!!!!!

:       0       0

Nilantha Ruwan Sunday, 05 August 2018 04:05 AM

මෝඩ මිනිසුන් බටහිර රටවල් විද්‍යාව ජයගනිද්දී, අපි එකතැනම මනසින් පල් වෙනවා

:       2       33

Uditha Sunday, 05 August 2018 08:26 AM

බෝධි පූජාවක් කරන එක අපේ සිංහල බෞද්ධ මිනිස්සු හුරු වෙලා තියන දෙයක්... එ්ක වරදක් විදිහට මම දකින්නේ නැහැ... බටහිර රටවල් වල නොමැති හොඳ පවුල් කුටුම්බයක් අපට තියනවා... එ්ක අමතක කරන්න එපා.. මොන අම්ම තාත්තාගේත් ආශාව තමන්ගේ දරුවා හොඳ තැනකට ගේන්න... විභාග දෙපාර්තමේන්තුව මේ ගැන සානුකම්පිතව බලලා මේ දරුවන්ට යම් කිසි සාධාරණයක් කරන්න...

:       1       18

samSunday, 05 August 2018 09:32 AM

බටහිර රටක ජීවත්වෙන කෙනෙක් හැටියට මම දකිනවා මෙහෙත් හොඳ පාසලකට යවන්න අම්මලා තාත්තලා වන වෙහෙස. අපි වගේම ආගමට බර නැතිවුනාට ඔවුනුත් වෙනස් විදිහේ මානසික සහ ශාරීරික අභ්‍යාසවලට දරුවන් යොදවනවා. මෙහෙත් සිලෙක්ටිව් ස්කුල් ටෙස්ට් තියනවා 7 වසරට ඇතුල් වෙන්න.

:       1       2

පිටිගල මිලානෝ Sunday, 05 August 2018 10:10 AM

දෙයියත් බඹරට බයයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31552 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13909 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 160 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1082 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site