ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (16) ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 336 කට සීමාවිය. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 147 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා විය. ඩිල්ෂාන්, සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 15 වැනි ශතකය පන්දු 273 කදී ලබා ගත්තේය. ඔහුගේ ශතකයට හතරේ පහර 21 ක් ඇතුළත්විය. ඇන්ජලෝ මැතිව්ස් සහ ඩිල්ෂාන් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 161 ක් සම්බන්‍ධතාවක් පැවැත්වීමට සමත්වුහ. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 131 කදී කඩුලූ 5 ට 450 ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 (තිලකරත්න ඩිල්ෂාන් 147, ඇන්ජලෝ මැතිව්ස් 75, ප‍්‍රසන්න ජයවර්ධන 40, නුවන් කුලසේකර 23, නේතන් ලියොන් 76/2, පීටර් සිඞ්ල් 54/5)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 336 කට සීමාවෙයි
සිල්වා Sunday, 16 December 2012 12:42 PM
අපේ මුල් පෙළේ පිතිකරුවන්ට මොකද වුණේ? (නි)