හයවැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් මහා තරගයට ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය පැවැත්වේ. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති තරගාවලියේදී ඉන්දියාව පරදවා ශ්‍රී ලංකා පිරිමි පිල ශූරතාව දිනාගත්තේය. කෙසේ වෙතත් 2008 වසරින් පසුව අන්තර්ජාතික තරග බිමේදී ශ්‍රී ලංකා පිලට, ඉන්දියාව පරාජය කිරීමට නොහැකිව තිබේ. මුලික වටයේදී පෝලන්තය, කටාර් රාජ්‍යය, කැනඩාව පරදවා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පහසුවෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ. නිශාන්ත ප‍්‍රනාන්දු, චමිල් කුරේ සහ මොහොමඞ් ෂෙරිෆ්ඞීන් කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩා කරති. රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 4 වැනිදා දක්වා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්රී ලංකා පිරිමි කැරම් පිලත් අවසන් මහා තරගයට