කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (11) පැවැති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ගෝල 2-1 ක විශිෂ්ට ජයක් ලැබුහ. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරගාවලියේ අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබීය.
කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ දෙපිලම පළමු අර්ධය අවසානයේ ගෝල ලබා ගැනීමට අපොහොසත්විය.
දෙවැනි අර්ධයේ 75 වැනි විනාඩියේදී බංග්ලාදේශ ක‍්‍රීඩිකා ඒ. මර්මා ගෝලයක් ලබාගැනීමට සමත්වුවාය. හසාරා දිල්රංගි සහ අචලා චතුරාණී 83 වැනි සහ 86 වැනි මින්තුවලදී ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා පිලට ජය ගෙන දුන්හ.
අවසන් පුර්ව වටයේ තරග මේ මස 14 වැනිදා පැවැත්වෙන අතර ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු තරගය පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ නේපාලය දෙවැනි අවසන් පුර්ව තරගය ආරම්භ වන්නේ එදින පස්වරු 3.30 ටය. අවසන් මහා තරගය මේ මස 16 වැනිදා පැවැත්වීමට නියමිතය.
පළමු දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේදී ශූරතාව ඉන්දියාව දිනා ගත්තේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලංකා ක‍්‍රීඩිකාවෝ දකුණු ආසියානු කාන්තා පාපන්දු අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබති
අමිල Tuesday, 11 September 2012 09:49 PM
ගොඩක් හොදයි . අපි ඉන්දියාව එක්ක අවසාන තරඟය සෙල්ලම් කරලා දිනමු හොදේ (ස)
චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 01:02 PM
මේකෙත් අපේ කට්ටියට අනුග්‍රහය ඉන්දියාවෙන්ද ?(ස)