IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට එති

කොළඹදී දැන් පැවැත්වෙන අට වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සත්කාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ජපන් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 110/8 ක තවත් විශිෂ්ට ජයක් ලැබුහ. නේපාලය සමග පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 127/3 ක වාර්තාගත ජයක් ලබාගත්තේය. එම ජයත් සමගින් ඊයේ පැවැති ජපන් තරගය ඉතිරිව තිබියදීම ශ‍්‍රී ලංකාව තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී ‘ඒ’ කාණ්ඩයේ මුලික වටයේ හොංකාං, ඉන්දියාව, නේපාලය සහ ජපානය යන රටවල් හතරම පරාජය කිරීමට සමත්විය. පළමුවරට ආසියානු දැල්පන්දු තරගාවලියකට එක් වු ජපානය සමග පැවැති තරගයේදී 29/0, 27/1, 30/2 සහ 24/5 ක් ලෙස වට හතරම ශ‍්‍රී ලංකාව ජය ගත්තේය. එහිදී සිතාරා අල්ගම උත්සාහයන් 51 කින් 47 ක් සාර්ථක කර ගැනීමට සමත්වුවාය. පාසල් ක‍්‍රීඩිකාවක් වන සිතාරා ශ‍්‍රී ලංකා පිලේ උසම ක‍්‍රීඩිකාව අතර දෙවැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩිකාවයි. ශසිකා සමරසිංහ උත්සහයන් 9 ක් ලබාගත් අතර ලෝක දැල්පන්දු ක‍්‍රීඩිකාවන් අතරින් උසින් ඉදිරියෙන්ම සිටින තර්ජනී ශිවලිංගම් උත්සහයන් 56 කින් 52 ක්ම සාර්ථක කර ගනිමින් ශ‍්‍රී ලංකා පිලේ ජය ගෙන දුන්නාය. තර්ජනී සහ සිතාරා මේ දක්වා තරගාවලියේ ක‍්‍රීඩිකාවන් අතරින් වැඩිම ලකුණු ලාභී ක‍්‍රීඩිකාවන් දෙදෙනා ද වෙති. ශ‍්‍රී ලංකා පිල අවසන් පුර්ව වටයේදී මැලේසියාව සමග තරග වැදීමට නියමිතය. ප‍්‍රවීණම ක‍්‍රීඩිකාවක වන ගයත‍්‍රී ලංකාතිලක අන්තර්ජාතික දැල්පන්දු තරග 100 කට සහභාගි වු පළමු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාව වුවාය. ඇය ඊයේ සහභාගි වුයේ 101 වැනි අන්තර්ජාතික තරගයටය. කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී මේ මස 31 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් 10 ක් සහභාගිවී සිටියි. සිංගප්පුරුව සහ හොංකොං අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටින සෙසු රටවල් දෙක වේ. අවසන් වරට 2009 වසරේ මැලේසියාවේ පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී සිංගප්පුරුව පරදවා ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා පිලට මෙවර ද ශූරතාව දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් තිබෙන බව තරග ප‍්‍රතිඵල අනුව පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව සහ ජපන් තරගයේ උණුසුම් අවස්ථාවක්......



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට එති

චාමික Wednesday, 29 August 2012 04:20 PM

සුභ පැතුම්.... (ස)

:       0       0

විසල් Thursday, 30 August 2012 12:49 PM

ආ.... කමෝන් ගර්ල්ස්. (නි)

:       0       0

රණවීර Wednesday, 29 August 2012 05:55 PM

රටටම අභිමානයක් වූ අපේ කෙල්ලන්ට ජාතියේ උපහාරය! (නි)

:       0       0

ජේසස්මි Thursday, 30 August 2012 05:13 PM

අනේ මන්දා මොකද කියලා, නෙට්බෝල් කියද්දී මට නම් නිදිමත හැදෙනවා. බලන්න හිතෙන්නෙම නැති ක්‍රීඩාවක් වගේම පලක් නැති ක්‍රීඩාවක් කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

ජේසස්මි Thursday, 30 August 2012 05:24 PM

ඇයි මේ නෙට්බෝල් වගේ අපේ කෙල්ලන්ට වොලිබෝල් ගහන්න බැරි ? මම නම් හිතන්නේ මේ නෙට්බෝල් වලට ලෝකයේ ප්‍රසිද්ධත්වයක් නැහැ. මලානික ක්‍රීඩාවක් හින්දා කවුරුත් වැඩියෙන් උනන්දු වෙන්න කැමති නැහැ කියලයි හිතෙන්නේ . කෙසේ වෙතත් එහෙම හරි අපේ කෙල්ලෝ ජයක් ලබන එක වටිනවා. (නි)

:       0       0

වසන්ත Thursday, 30 August 2012 08:46 AM

මගේ හෘදයාංගම සුභ පැතුම් අපේ කෙල්ලන්ට. (නි)

:       0       0

චම්පික Thursday, 30 August 2012 06:17 PM

සුභ පැතුම්. ඉදිරියටම යන්න. (නි)

:       0       0

අසින්ත Wednesday, 29 August 2012 07:10 PM

දැන් ඉතිං කවුරු හරි කියයි එයා නිසා දිනුවා කියලා. (නි)

:       0       0

විශ්ව Wednesday, 29 August 2012 07:06 PM

සුභ පැතුම්! ඉදිරියටම යන්න. (නි)

:       0       0

කෙවින් Wednesday, 29 August 2012 07:18 PM

කොහෙන්ද මේ කට්ටිය හොයා ගත්තේ? ඔහොම යන්කෝ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 29 August 2012 07:41 PM

මේ කට්ටියට ලෝක කුසලානය වුණත් ගන්න අමාරු නැහැ වගෙයි. (නි)

:       0       0

විරාජ් Wednesday, 29 August 2012 07:46 PM

කප් එක ගන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site