විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරගයකදී කඩුලූ 9 කින් ප‍්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගය පෙනෙන මානයට පැමිණීමට සමත් විය. මෙම තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පෙරේදා (29) රාත‍්‍රි පැවැත්විණ. ශ‍්‍රී ලංකාව මේ වන විට සුපිරි 8 වටයේදී තරග දෙකක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය තරගය බැගින් ජය ගත් හෙයින්, ලබා ප‍්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටිති. ලකුණු 130 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 15.2 කදී එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීම නිසා ශ‍්‍රී ලංකා පිල ධන ශූද්ධ ලකුණු වේගයක් හිමිකරගෙන සිටියි. මහේල ජයවර්ධන (නොදැවී 65) සහ කුමාර් සංගක්කාර (නොදැවී 39) දෙවැනි කඩුල්ල සදහා ලකුණු 108 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය පහසු කළහ. මහේල පන්දු 49 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 65 ක් රැස්කළේය. කුමාර් සංගක්කාර මෙහිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී ලකුණු 1000 ක් සම්පූර්ණ කළ තෙවැනි ක‍්‍රීඩකයා බවට ද පත්විය. කොදෙව් නායක ඩැරන් සමී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ ආරම්භයේ සිටම කොදෙව් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරුවන් පාලනය කිරීමට සමත් වූහ. මහේල ජයවර්ධන පස්වැනි ඕවරය යැවීමට අජන්ත මෙන්ඩිස් කැඳවමින් පීඩනයට ලක්ව සිටි කොදෙව් පිතිකරු යුගළ දෙගිඩියාවට පත්කළේය. මහේලගේ තීරණය ප‍්‍රතිඵල ගෙනදෙමින් එම ඕවරයේ පස්වැනි පන්දුවේදී ජොන්සන් චාල්ස් ස්ටම්ප් කිරීමට හසුව පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ආරම්භයේ සිටම නියමිත ස්ථානයේ පන්දුව පතිත කරමින් පන්දු යැවූ නුවන් කුලසේකර හයවැනි ඕවරයේ පළමු පන්දුවේදී ලෝක විස්සයි-20 ක‍්‍රිකට් පිටියේ පිතිකරුවන් අතර ‘රජු’ බවට පත්ව සිටින ක‍්‍රිස් ගේල් පිටියෙන් ඉවත් කරමින් ශ‍්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීය. ගේල් දවාගැනීමට කුමාර් සංගක්කාර සිය වම් පසට ඇදෙමින් විශිෂ්ට උඩ පන්දුවක් රැකගත්තේය. මාලන් සැමුවෙල්ස් සහ ඞ්වේන් බ‍්‍රාවෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 සම්බන්ධතාවක් පවත්වමින් කොදෙව් පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට උත්සාහ කළහ. ඞ්වේන් බ‍්‍රාවෝ පන්දු 34 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මාලන් සැමුවෙල්ස් පන්දු 35 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් රැුස්කිරීමට සමත් විය. තිලකරත්න ඩිල්ෂාන්, ඞීප් මිඞ් ඕන් කලාපයේ සිට දිවයමින් හතරේ සීමාව අසළදී රැකගත් උඩපන්දුව නොවන්නට සැමුවෙල්ස්ට තවදුරටත් කඩුල්ලේ රැදීසිටීමේ අවස්ථාව හිමිවේ. අජන්ත මෙන්ඩිස් ප‍්‍රබල කොදෙව් ඉනිම ලකුණු 129 කට සීමා කිරීමේ පුරෝගාමියා බවට පත්වෙමින් නිලකුණු ඕවරයක් ද සමගින් ලකුණු 12 කට කඩුලූ දෙකක් දවාගත්තේය. අජන්ත මේ වන විට විස්සයි-20 අන්තර්ජාතික තරග 23 කදී කඩුලූ 49 ක් දවාගගෙන තිබේ. මෙම ලකුණු 129 පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ විස්සයි-20 තරගයකදී පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. නවසීලන්ත පිලට එරෙහිව සුපිරි අට වටයේ පළමු තරගයට සහභාගි වූ අකිල ධනංජයගේ ස්ථානයට මෙම තරගයේදී රංගන හේරත් කැදවා තිබුණි. .
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා කී‍්‍රඩකයෝ අවසන් පූර්ව වටය අබියස
සුසන්ත Monday, 01 October 2012 01:35 PM
දිව්ව තරමට තමයි හති, සුබ පතනවා අපේ සිංහයින්ට , ජය වේවා ! (ස)
චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:50 PM
ඇර සොයිසා...(ස)
යොහාන් Monday, 01 October 2012 12:56 PM
මොකද මේ අභියස කියන්නේ , අපි ඉන්නේ ඇතුලේ..ධනාත්මකව සිතන්න (ස)