IMG-LOGO

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ තිදෙනෙක් මරුට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී වෙඩි තැබූ ත්‍රස්තවාදීන් තිදෙනකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් මරණයට පත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා කියයි.

එරට ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු වාර්තා අනුව ලාහෝරයේ මනාවාන් පෙදෙසේ ගොඩනැගිල්ලකට මුවාවී සිටි ත්‍රස්තයන් හත් දෙනකු පොලිසිය සමග පැයකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු කරගෙන ඇතැයි කියති.

වෙඩි හුවමාරුවේදී ත්‍රස්තයන් සිව්දෙනකු මිය ගොස් ඇති අතර පළා ගිය අනෙක් තිදෙනා සොයා පරීක්ෂණ අරඹා ඇතැයි කියති.

එරට පොලිස් වාර්තා අනුව සුබයිර් ආලියාස්, නායික් මුහම්මද්, අබ්දුල් වහාබ්, අද්නාන් අර්ෂාඩ් සහ අත්තිකර් රහුමාන් යන සිව්දෙනා ගැටුමේදී මියගොස් ඇති අතර ඉන් තිදෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ පිරිසට අයත් බව කියති.

අත්තිකර් රහුමාන් නමැත්තා 2008 වසරේ ලාහෝර් හි වෙළඳපොළකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි.

2009 පෙබරවාරි මාසයේ දීපාකිස්තානය සමග ටෙස්ට් තරගයකට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කිරීමට පිටියට යමින් සිටි බස් රථය ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුවූ අතර තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ තිදෙනෙක් මරුට

කුමාර් (ගල්ෆ්) Sunday, 28 August 2016 08:46 AM

මෙච්චර කල් පාකිස්තානේ පොල්ගෑවාද මෙයාලා අල්ලාගන්නේ නැතිව ? (බ)

:       0       0

සහන Sunday, 28 August 2016 11:54 AM

මේ අයට අනිවාර්යෙන්ම මරණ දඩුවම දෙන්න ඕනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site