IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ශී‍්‍ර ලංකා කණ්ඩායම පල්ලම් බහී

ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවති ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු 4 ක් අහිමි වී තිබේ. ශී‍්‍ර ලංකාවට ශ්‍රේණිගත කිරීම් වල 6 වැනි ස්ථානයේම රැදී සිටීමට හැකි වුවත් ප‍්‍රසාද ලකුණු අනුව පහළ බැසීමට සිදුවී ඇත.

ඕස්ටේ‍්‍රලියානු සංචාරය අරඹන විට ප‍්‍රසාද ලකුණු 96 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වීමත් සමගම ප‍්‍රසාද ලකුණු 92 දක්වා පහළ වැටී තිබේ.

පසුගිය වසරේ අග භාගයේදී නවසීලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ගාල්ලේ පැවති පලමු ටෙස්ට් තරගය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව ප‍්‍රසාද ලකුණු 98 සිට 99 දක්වා ඉහළ නැගීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වූ නමුත් කොළඹදී පැවති දෙවන ටෙස්ට් තරගය පරාජයට පත්වීම හේතුවෙන් නැවතත් ප‍්‍රසාද ලකුණු 96 දක්වා පහළ වැටිණ. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ 7 වැනි ස්ථානයේ සිටන බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශී‍්‍ර ලංකාව අතර ඇත්තේ ප‍්‍රසාද ලකුණු 1 ක පරතරයක් පමණි.

ශී‍්‍ර ලංකා පිලේ මීලග ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන බැවින් එම තරගාවලිය ජයගත්තද ප‍්‍රසාද ලකුණු සටහනේ වැඩි වෙනසක් නෙවනු ඇත.

ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්
       කණ්ඩායම         තරග            ප‍්‍රසාද ලකුණු
1    දකුණු අප‍්‍රිකාව        29                 123
2    එංගලන්තය          41                  118
3    ඕස්ටේ‍්‍රලියව          42                 117
4    පාකිස්තානය         29                 109
5    ඉන්දියව             37                 105
6    ශී‍්‍ර ලංකාව           36                  92
7    බ. ඉ. කොදෙව්ව     31                  91
8    නවසීලන්තය         27                 79
9    බංග්ලාදේශය        15                   0

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා කණ්ඩායම පල්ලම් බහී

සමන් Sunday, 06 January 2013 07:49 PM

කමක් නැහැ...කමක් නැහැ... අපිය පුළුවන් ජය ගන්න (දී)

:       0       0

ලහිරු Monday, 07 January 2013 06:34 PM

තරඟ දිනනවා පරදිනවා (දී)

:       0       0

නාලක Sunday, 06 January 2013 11:18 PM

සැලෙන්න එපා අපි පුළුවන් (දී)

:       0       0

සුසන්ත Monday, 07 January 2013 12:06 PM

වැටින තැනම නැගිටිමු අපි ඉක්මනින්ම (ස)

:       0       0

ඉන්දික Tuesday, 08 January 2013 06:12 PM

අපේ කණ්ඩායමට බැරි නැහැ පුළුවන් නැවත උඩට එන්න (දී)

:       0       0

ඉෂාර Monday, 07 January 2013 07:07 AM

මේවට වගකියන්න ඕනෑ කවුද කියලා දන්නවනේ. මොනවා වුණත් අපරාදේ තරග ටික. (නි)

:       0       0

ලාල් Monday, 07 January 2013 09:18 PM

සැලෙන්න එපා (දී)

:       0       0

වරුණ Monday, 07 January 2013 09:35 AM

ඕක ඉතින් අහන්නත් දෙයක්යෑ? (නි)

:       0       0

අංජන Monday, 07 January 2013 09:43 AM

ලැජ්ජයි (ස)

:       0       0

කමල් Sunday, 06 January 2013 05:11 PM

ඕක මොකක්ද? අනෙක් පැත්තෙන් අපි අන්තර්ජාලෙන් අංක එකනේ. (නි)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Sunday, 06 January 2013 06:02 PM

තරඟාවලිය පැරදුනාට පස්සේ ප්‍රසාද ලකුණු ටික මොනවටද? (නි)

:       0       0

චමල් Monday, 07 January 2013 10:25 AM

ගූගල් එකෙන් සෙක්ස් සර්ච් කරන එකෙන් අපි නොම්මර එක. ඉතින් ඕක මොකක්ද? (නි)

:       0       0

දම්මි Sunday, 06 January 2013 07:43 PM

ගොඩක් හොඳයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 213 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site