ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතු අතර තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (18) කඩුලූ 8 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 328 ක් රැුස්කළ යුතුය.
සිවුවැනි දිනය අවසන් වන විට කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 18 ක් සහ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 5 ක් ලබා සිටියහ.
සිවුවැනි දිනය ආරම්භ වන විට කිිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබාසිටි ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 278 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රංගන හේරත් ලකුණු 96 කට කඩුලූ 5 ක් දවාගැනීම කැපී පෙනුණි.
එඞ් කවන් (56) සහ ඬේවිඞ් වෝනර් (68) පළමු කඩුල්ල සඳහා ලකුණු 132 ක සම්බන්ධතාවක් පැවැත්විම නිසා ඕස්ටේ‍්‍රලියානු පිල දිවා විවේකය වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 146 ක් ලබා සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්විය. ක්ලාක් පිටියෙන් ඉවත් වන විට පන්දු 46 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් ලබා සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය ලබා සිටියේය.
මේලබන්හිදී මේ මස 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ක්ලාක්ගේ සහභාගිත්වය අවිනිෂ්චිත තත්ත්වයට පත්ව ඇති අතර එසේ වුවහොත් ෂේන් වොට්සන් නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්රී ලංකා කණ්ඩායමේ ඉරණම මහේල - සංගක්කාර අත
තත්සරණි Sunday, 23 December 2012 05:01 PM
අපේ සංගයි මහේලයි නැත්නම් අපිට ක්‍රිකට් කියලා දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ. (නි)
යොහාන් Tuesday, 18 December 2012 05:02 PM
හොද තරුණ ජවසම්පන්න කොල්ලෝ ටිකක් ගත්තොත් හොද නැද්ද? (නි)
අසන්ක Tuesday, 18 December 2012 12:19 PM
නැහැ. මම නම් හිතන්නේ ඒක තියෙන්නේ හේරත්ගේ අතේ. (නි)