විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට සමබර කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ එස්.එල්.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් වූ බව ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
සිවුවැනි විස්සයි-20 තරගාවලිය මේ මස 18 වැනිදා හම්බන්තොටදී ආරම්භ වෙයි. මෙම තරගාවලිය සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍යහමුවේදී ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස් සහ තිසර පෙරේරා මෙසේ අදහස් දැක්වූහ.
‘‘වර්ෂාව හේතුවෙන් අපතේ ගිය පුහුණු අවස්ථාවන් එස්. එල්. පී. එල්. තරගාවලිය නිසා ආවරණය කර ගැනීමට හැකියා ලැබුණා. අපි සතුව ශක්තිමක් පන්දු යැවීමේ බලයක් ඉන්නවා, ඒ වගේම අංක හත පිතිකරු දක්වා සියලූ දෙනාම එකවගේ දක්‍ෂයි, ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා’’ යැයි මැතිව්ස් පැවසීය.
පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කිරීමේ හැකියාවක් තිබේ යැයි මැතිව්ස් සිතන්නේ ද යන ප‍්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු සැපයීය.
‘‘පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කරන්න පුළුවන් යැයි මමත් හිතනවා. නමුත් කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව මා ඕනෑම ස්ථානයක ක‍්‍රීඩා කිරීමට සූදානම්. මම උප නායකත්වය ගැන වැඩිය හිතන්නේ නෑ, සාමාන්‍ය විදියට ක‍්‍රීඩා කරනවා’’
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කිරීමට මා සූදානම්
චන්ද්‍රසිරි Thursday, 13 September 2012 01:11 PM
කාටවත් පරදින්න එපා..... (ස)
නිශාන්ත Wednesday, 12 September 2012 03:47 PM
ජයවේවා නියමයි
සිසිර කුමාර Wednesday, 12 September 2012 11:07 AM
කතා කරන්න නම් කට්ටිය ඕනෑතරම් ඉන්නවා. ඒත් ගහන්න ගියහම තමයි ප්‍රශ්නේ. (නි)
සම්පත් Wednesday, 12 September 2012 04:48 PM
ලංකාව මේ පාර කප් එක ගන්නවා. ඒක ෂුවර්. (නි)
ගයාන් Wednesday, 12 September 2012 12:25 PM
අපි කොහොම හරි කප් එක ගනිමු.... සුභ පැතුම් (ස)
කුමාර සිරි Wednesday, 12 September 2012 12:48 PM
අභිමානය මගේ රටේදි අපි අපේ කරගමු .ජය ශ්‍රී කොල්ලනේ...(ස)
කුරේ නාවලගේ Tuesday, 11 September 2012 11:22 PM
ඕනෑම දෙයක් කියන්න. හැබැයි අපිට ඕනෑ කප් එක. (නි)
වෙනුර Tuesday, 11 September 2012 11:23 PM
තරගයෙන් තරගයට වෙනස් සැළසුම් යෙදිය යුතුයි. අපට ජය නියතයි. (නි)
සමන් Tuesday, 11 September 2012 11:46 PM
එස්.එල්.පී.එල්. අන්තිම තරගය ගැහුවා වගේ බය නැතුව ගහපන් කොල්ලෝ. (නි)
චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 01:04 PM
අපේ රටේ තරගයක් තියෙද්දී 40%ක් අපිට වාසි පැත්ත තියෙනවා. කප් එක අපිට ගන්න පුලුවන්. (නි)
මේනක Wednesday, 12 September 2012 12:03 AM
ජය වේවා ශ්‍රී ලංකා! (නි)
අසින්ත Wednesday, 12 September 2012 06:44 PM
මොකාට පැරදුණත් කමක් නැහැ. ඉන්දියාවට නම් පරදින්න නම් එපා. (නි)
සමීර Wednesday, 12 September 2012 01:50 PM
ජය නියතයි කොල්ලනේ ..!!
ගයාන් පෙරේරා Wednesday, 12 September 2012 07:48 PM
දෙයියනේ කියල තිසරවයි, මුණවීරවයි ඕපන් දාන්න. අනිවාර්යෙන්ම ටී20 කප් එක ලංකාවට තමයි. (නි)
වරුණ Wednesday, 12 September 2012 07:42 AM
හැබැයි ඔන්න අවසන් තරගයට ගියහම අසනීපයි කියන්න එහෙම ඔට්ටු නැහැ හොදේ. (නි)
ප්‍රදීපා Wednesday, 12 September 2012 02:42 PM
අපි ජය ගමු. (නි)
සේනාධී Wednesday, 12 September 2012 09:21 PM
ඔබ දක්ෂයි කියන එකකේ විවාදයක් නැහැ. හැබැයි කියන තරම්ම සමබර කණ්ඩායමක් ඉන්නවාද කියන එක නම් ප්‍රශ්නයක්. කොහොමහරි කප් එක ගන්න. සුභ පැතුම්! (නි)
විකී Thursday, 13 September 2012 12:48 PM
අසින්ත කියන දේ නම් සම්පුර්ණ ඇත්ත. (නි)