(යොහාන් භාසුර)
සිම්බාබ්වේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග හතම ජය ලබා අපරාජිතව අවසන් මහ තරගයට පිවිසීමට අද (7) සමත් විය.
‘සුපිරි හය’ වටයේ අවසන් තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හරාරේහිදී අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක පහසු ජයක් ලැබීය.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 244 ක ජයග්‍රාහි ඉලකක්ය ඕවර 44.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ආරම්භක පිතිනකරුවන් වන පැතුම් නිස්සංක (104) සහ දිමුත් කරුණාරත්න (83) ලකුණු 190 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
පැතුම් නිස්සංක පන්දු 113 කින් හතරේ පහර 14 ක් සමගින් ලකුණු 104 රැස්කළ අතර එය පැතුම්ගේ තෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.
දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
මැද පෙළ පිතිකරු කේසි කාටි පන්දු 96 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 87 ක් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිල සටනක් දියහැකි තත්වයට රැගෙන ඒමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 243 (ජොන්සන් චාල්ස් 39, කේසි කාටි 87, රොමාරියෝ ෂෙපෙර්ඩ් 26, මහීෂ් තීක්‍ෂණ 34/4, දුෂාන් හේමන්ත 49/2) ශ්‍රී ලංකා පිල ඕවර 44.2 කදී කඩුලු 2 ට 244 (පැතුම් නිස්සංක 104, දිමුත් කරුණාරත්න 83, කුසල් මෙන්ඩිස් නොදැවී 34, සදීර සමරවික්‍රම නොදැවී 17)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාව පිට පිටම 7 වැනි ජය ලබයි
Perera Saturday, 08 July 2023 11:48 AM
ඔව් ඔව් අපි මෙහෙ හතේ හත වැටිලා ඉන්නේ...!